බොකෝ හරාම් නයිජීරියාව බය කරයි

නයිජිරියාවේ ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානියා ඝාතනය කරන බවට බොකොහරාම් ත්‍රස්තවාදීන් තර්ජනය කර තිබෙනවා.

මේ බව සඳහන් කරමින් ඔවුන් නව වීඩියෝ පටයක නිකුත් කර ඇති බව වාර්තා වනවා.  මෙම විඩියෝ පටය ඊයේ යූ ටියුබ් සමාජ ජාලයට මුදාහැර තිබෙනවා.  පසුගිය සදුදා ඉස්ලාම් බැතිමතුන් ඊද් සමරන ස්ථානයකදී මෙම වීඩියෝව පටිගත කරන ලද බවයි එහි දැක්වෙන්නේ.

මේ වන විට ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තවත් වඩාත් ශක්තිමත් වී සිටින බවට බොකෝහරාම් ත්‍රස්තවාදීන් පවසනවා.  මින් පෙර සිදු නොවූ අයුරින් දරුණු විනාශයක් සිදුකිරීමට ඔවුන් අපේක්ෂා කරන බව, එම වීඩියෝ පටයේ වැඩිදුරටත් දැක්වෙනවා.

  වර්තමානය වන විට බොකොහරාම් ත්‍රස්තවාදින් නයිජිරියාවට බලවත් තර්ජනයක් බවට පත්ව සිටිනවා.  නයිජිරියාවේ මෙම ගැටුම් හේතුවෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව 20,000කට අධිකයි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න