යෝෂිතට මිත්තනිය දුන් ඉඩම මැනීමට නියෝගයක්

යෝෂිත රාජපක්ෂ මහතාට අයත් ගල්කිස්සේ පිහිටි ඉඩමේ මැනුම් කටයුතු කිරිමට  අධිකරණය අද නියෝග කරණු ලැබුවා.

මෙම නඩුව අද විභාගයට ගනු ලැබුවේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සුලෝචනා වීරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ඉඩම සම්බන්ධ ලිපි ලේඛන ඉදිරිපත් කර නොමැති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා. එ  අනුව අදාළ නිතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වාරිය නියෝග කලේ. ලබන 20 වැනිදා ඉඩම මැනීමට පෙර අදාළ ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙසට දැනුම් දි තිබෙනවා.

ගල්කිස්සේ පිහිටි මෙම ඉඩම සහිත නිවස රුපියල් මිලියන 24 වටිනා අතර එය ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් විසින් තෑගි කරණු ලැබුවක් ලෙසයි ලියාපංදි කර ඇත්තේ.

 

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න