අය කළ වැට් යළි ගෙවන්න – ජවිපෙ රජයෙන් ඉල්ලයි

වැට් බදු ඉහල නැංවීමේ තීරණය ශ්‍රේෂ්ඨාධීකරණය විසින් අහෝසි කර ඇති බැවින් පසුගිය සමයේ අය කළ වැට් බදු නැවත මහජනතාවට හා ව්‍යාපාරිකයන්ට ගෙවීමේ යාන්ත්‍රණයක් සකස් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ අද රජයෙන් ඉල්ලීමක් සිදුකළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම අදහස් පල කළේ අද පැවැති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.
ඉදිරියේදී යළි ගෙන එන වැට් බදු සංශෝධන පනතට තම පක්ෂය එරෙහි වන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න