ආනයනික සීනි බද්ද යළි ඉහලට

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් එකයි ශත හැත්ත පහකින් වැඩි කර තිබෙනවා.

රජය විසින් මෙම බදු වැඩි සිදුකර ඇත්තේ ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.ඒ අනුව ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් පනවා තිබූ ශත විසිපහේ බද්ද රුපියල් දෙකක් දක්වා වැඩිවනු  ඇති.

මේ අතර ආනයනික දුඹුරු සීනි(Raw Sugar) කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් පහළොවක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.රජය දුඹුරු සීනි සඳහා රුපියල් පහළොවක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවිම සිදුකර ඇත්තේ දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි වෙළඳපළට පැමිණෙන බැවින් දේශීය ගොවීන් ආරක්ෂා කිරිමේ අරමුණින්.

ආනයනික සීනි සඳහා වන බද්ද වැඩි කළ ද සීනි අලෙවිය සඳහා නියම කර ඇති කිලෝග්‍රෑමයක් සඳහා වන පාලන මිළ රුපියල් 95 උපරිම සිල්ලර මිලේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි රජය පවසන්නේ.

 ජීවන වියදම් සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටු නිර්දේශය මත පසුගිය දා සීනි ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ 16 කට උපරිම සිල්ලර මිළක් පනවනු ලැබුවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

One thought on “ආනයනික සීනි බද්ද යළි ඉහලට

  • September 16, 2016 at 8:28 pm
    Permalink

    ජනතාවට අවශ්‍ය ම ද්‍රව්‍යය විවිද වෙනස්කම් වලට භාජනය කිරිම ජනතාවට ගැටළු ඇති කරයි දැන් බලන්න , පරිප්පු මිල වෙනස් කිරිම නිසා ගුනාත්මයෙන් ඉහල පරිප්පු වෙලදපොලේ නැති වුනා එ වෙනුවට දියවෙන පරිප්පු වෙලදපොලට අවා සිනිත් එහෙමයි පාලනමිලක් දැම්මා එතකොට පැකට් කරපු සිනි එමිලට යටත් නෑ එවා වැඩිමිලට විකුනෙනවා ප්‍රායෝගික දැනුම නැති නිලධාරින් ඉදිරිපත් කරන සැලසුම් ඇමති මෛක්‍රපොනයට කියවනවා

    Reply

ඔබගේ අදහස අපට කියන්න