කැන්ගරු නව පිතිකරු පුහුණුකරු වැඩ අල්ලයි

ලබන වසරේ ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ඔස්ටේ්‍රිලායානු ආරම්භක පිතිකරුවන්ට විශාල වගකීමක් පැවරෙන බව එරට නව පිතිකරු පුහුනුකරු ග්‍රැහැම් හික් පවසනවා. ඔහු ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ වන විට ඔස්ටේ්‍රලියානු පිළේ මුල් පෙල පිතිකරුවන් කිසියම් නොඉවසිලිමත්කමකින් පෙලෙන බවයි. එළඹෙන ඉන්දියානු සංචාරය ජය ගැනීමට නම් ඉන්දය පිතිකරුවන් ඉවසීම ප්‍රගුණ කළ යුතු බවයි නව පිතිකරු පුහුනුකරු පවසන්නේ. විශේෂයෙන්ම ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ආසියානු තනතිළිවලදී දක්වන දුර්වල ක්‍රීඩා විලාශය වෙනස් කිරීම තම අරමුණ බවද ග්‍රැහැම් හික් ප්‍රකාශ කර තිබෙනවා. එංගලන්තය නියෝජනය කළ දක්ෂ පිතිකරුවකු වන ඔහු ටෙස්ට් තරග 65 කදී ලකුණු 3383 ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න