කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 18 වැනි වරටත් පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (16) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.00ට ආරම්භ විය.

අද සිට ලබන 25 වැනිදා දක්වා දින 10ක කාලයක් උදෑසන 9.00 සිට රාත්‍රී 9.30 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වේ. හෙට (17) පමණක් රාත්‍රී 12.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැතිවෙන බවද සංවිධායකයෝ පවසති.

මෙවර කොළඹ පොත් දැක්ම සඳහා දේශීය පොත් අලෙවි කුටි 410ක් සහ විදේශීය පොත් අලෙවි කුටි 60ක් අන්තර්ගතවේ.

පොත් ප්‍රදර්ශනයට සමගාමීව එම පරිශයේදීම ප්‍රථම වරට භාෂාව පිළිබඳ විශේෂඥයන් සහභාගි වන භාෂා සංගායනාවක් 20,21,22 යන දිනවල පැවැත්වීමටද පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර ඇත.

ඊට අමතරව සංගීත වැඩසටහන්, නර්තනාංග, විද්වත් සංවාද, ක්ෂේත‍්‍රයේ විද්වතුන් සහභාගී වන සාහිත්‍ය සංකථන මණ්ඩප ආදී විවිධ අංග පොත් ප‍්‍රදර්ශන භූමියට පැමිණෙන පාඨකයින්ගේ රසාස්වාදය වෙනුවෙන් සංවිධානය කර ඇති බවද සංවිධායකයෝ කියති.

පසුගය වසරේ මෙන්ම මෙවරද අතිවිශාල ජනකායක් පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු ඇතැයි පොත් ප්‍රකාශකයන්ගේ සංගමය අපේක්ෂා කරයි.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න