චිකුන්ගුන්යා උණෙන් ඉන්දියාවට බලපෑම්

ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසන්නයේ කර්කර්දොමා ප්‍රදේශයේ ඉතා බරපතල ලෙස චිකුන්ගුන්යා වයිරසය වසංගතයක් ලෙස පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

කර්කර්දොමා ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය සායන වල පවා රෝගීන් පෝලිම් ගැසෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රැඳී සිටින අයුරු දැකිය හැකි බවයි වාර්තා වන්නේ.

හන්දිපත් වේදනාව, වමනය, තද උණ සහ හිසේ කැක්කුම මදුරුවන් මගින් බෝ වන මෙම චිකුන්ගුන්යා වෛරසයේ රෝග ලක්ෂණයි.

ඉන්දියාවේ අගනුවර මෙතෙක් මුහුණ දී ඇති බරපතලම චිකුන්ගුන්‍යා වසංගත මට්ටම මෙය බවයි පැවසෙන්නේ.

දහසකට අධික චිකුන්ගුන්යා රෝගීන් ප්‍රමාණයක් දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශ වලින් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් එකොළොස් දෙනෙකු මිය ගොස් ඇති බවයි ඉන්දියාවේ පරපෝෂිතයන් මගින් බෝ වන රෝග මර්ධන ජාතික ව්‍යාපෘතිය පවසන්නේ.

ඊට අමතරව ඉන්දියාව පුරා මේ වන විට චිකුන්ගුන්යා රෝගීන් දොළොස් දහස් දෙසිය පනහකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි එම ආයතනය කියා සිටියේ.

මීට අමතරව දිල්ලි නගරයට ඇදහැළෙන මෝසම් වර්ෂාව හේතුවෙන් නගරයේ බොහෝ පහත්බිම් වල වැසි ජලය රස වීම හේතුවෙන්ද චිකුන්ගුන්යා වාහක මදුරුවන් බෝ වීම ඉතා ඉහළ මට්ටමක පවතියි.

චිකුන්ගුන්යා වාහක මදුරුවා දවල් කාලයේ ක්‍රියාකාරී වන අතර වයිරසය රැගත් මදුරුවන්ගෙන් පැතිරයන මෙම රෝගී තත්වය එක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වීමේ අවදානමක් නැත.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න