පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්- 16 ක් මරුට

වයඹ දිග පාකිස්තානයේ මුස්ලිම් පල්ලියකට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දාසය දෙනෙකු මියගොස් තවත් විශාල තවත් පුද්ගලයින් 23 දෙනකු තුවාල ලබා තිබෙනවා.

බී බී සී පුවත් සේවය වාර්තා කළේ  මෙම ප්‍රහාරකයා සිය බෝම්බය පුපුරුවා ගන්නා අවස්ථාවේදී පල්ලිය තුළ සිකුරාදා යාඥා මෙහෙය පැවැත්වෙමින් තිබුණු බවයි.

ඇෆ්ගනිස්තාන දේශ සීමාව මායිම් කරගත් මොහ්මාන්ද් දිස්ත්‍රික්කයේ බුත්මානා නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියක මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර තවමත් ප්‍රහාරයේ වගකීම කිසිදු සන්නද්ධ කණ්ඩායමක් විසින් භාර ගෙන නැහැ.

ප්‍රහාරය එල්ලවූ කලාපයේ තාරික් ඊ තලේබාන් ත්‍රස්ත සංවිදානයේ වැඩි ක්‍රියාකාරීත්වයක් පවතින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න