බඳගිරියේ තරුණයා රක්ෂිත බන්ධනාගාරයට

පොලිස් අත්අඩංගුවෙන් පසු අතුරුදහන්ව සිට පන්සලකින් හමුවූ ජී.ජී ගයාශාන් නැමති 22 හැවරිදි තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා වෙත අද (16) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

ඔහුගෙන් පැය හයක් පුරා කටඋත්තර ගැනීමෙන් පසු අද අලුයම 2:30ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙසේ බන්ධනාගාරගත කෙරුණේ.

හම්බන්තොට බඳගිරියේ වී ගබඩාවකින් වී සොරකම් කලැයි සැකපිට ඔහු ඇතුළු තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත් පසුව ඔහු අතුරුදහන්ව තිබුණි. තරුණයා පොලීසියෙන් පැන ගියේ යැයි පොලීසිය ඔහුගේ නිවසට දන්වා ඇතත් දෙමවුපියන් සැක ක‍ළේ පොලීසිය ඔහු ඝාතනය කරන්නට ඇති බවයි.

කෙසේ නමුත් එම සැකය තවදුරටත් වර්ධන කරන්නට හේතුවක් වූයේ පොලිස් පොත්වල ඔහු පිළිබඳව කිසිඳු සටහනක් යොදා නොතිබීමයි. ඒ හේතුවෙන් පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

පසුගිය පස්වැනිදා හම්බන්තොට පොලිසිය මිගින් අත්අඩංගුවට ගත් මොහු දින එකොළහක් තිස්සේ අතුරුදන්ව සිට ඊයේ (15) භික්ෂූන් වහන්සේනමක් සමග පොලිස් මූලස්ථානය වෙත භාර වුණා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න