බෝ නොවන රෝග මඩින්න ලෝක බැංකුවේ සහාය

ලෝක බැංකුවේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂතුමිය ඇතුලු නියෝජිතයින් පිරිසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග විශේෂ සාකචිඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.

එහිදී බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුවෙන් ලබාදෙන ආධාර පිළිබදව සාකචිඡා කෙරුණා. මේ වනවිට ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් බෝනොවන රෝග පාලනය කිරීම සදහා ලබාදී තිබෙනවා. ඒ වසර 05 ක කාලයක් සදහායි. එම මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.9දක්වා වැඩි කිරීමට ලෝක බැංකු නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු වි තිබෙනවා.මේ වන විට ලබාදී ඇති මුදල වියදම් කිරිම සතුටුදායක බව ද ලෝක බැංකුවේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂවරිය අවධාරණය කර සිටියා.

දුම්කොළ සමාගම්වලින් අය කරන බදු ප‍්‍රතිශතය සියයට 90 දක්වා වැඩි කිරීමේ යෝජනාව ද ලෝක බැංකු නියෝජිතයින් ඇගයීමට ලක්වි තිබෙනවා. දුම්කොළ විරෝධී වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන දකුණු ආසියාවේ එකම රට ශ‍්‍රී ලංකාව බව ලෝක බැංකු නියෝජිතයින්  පෙන්වා දුන්නා

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න