භික්ෂුවක් පොලවේ පා සලකුණු පිහිටුවයි

කිසියම් රළු පෘෂ්ටයක පා සලකුණු පිහිටුවීම සාමාන්‍ය පුද්ගලයකුට අපහසු කරුණක්. එහෙත් චීනයේ ටොන්ග්‍රේන් විහාරයේ භික්ෂුන් වහන්සේ නමක් විසින් එම අසීරු අභියෝගය ජය ගැනීමට සමත්ව සිටිනවා. ඒ සිට පා සටහන් විහාර ගොඩනැගිල්ලේ ලී පොලිව මත පිහිටුවමින්. මේ සදහා කිසිදු කෘතිම ක්‍රමවේදයක් භාවිතා නොකිරීමද විශේෂත්වයක්.
දිනපතා බුද්ධ වන්දනාව සදහා මෙම භික්ෂුන් වහන්සේ සිය පාදය තැබීම සදහා එක් ස්ථානයක් භාවිතා කිරීම හේතුවෙනුයි මෙසේ උන්වහන්සේගේ පා සටහන පොලව මත පිහිටා ඇත්තේ. වසර 20 ක් දිනපතා බුද්ධ වන්දනාව වෙනුවෙන් එම හිමිනම මෙසේ එකම ස්ථානයක් භාවිතා කිරීම මෙම සලකුණ ඇතිවීමට හේතුවී ඇති බවයි පවසන්නේ. මෙම ජායාරූපවල දැක්වෙන පතුල් සටහන පොලිවේ අගල් 3ක් ගැඹුරට සටහන්වී ඇති බවද විදෙස් වාර්තා සදහන් කළා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න