මනුසත් බව වැඩුම පොලොන්නරුවෙන් ඇරඹෙයි

ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවල සිටින මහජනයාත් නොදන්නා මැති ඇමැතිවරුත් නොදන්නා සියලුම ක්‍ෂේත්‍ර හා කාර්යාල තනතුරු හා නිලධාරීන් එක්ව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර දිවයිනේ මංමාවත් ගොඩනැගිලි, විදුලිය වැනි සංවර්ධන කටයුතුවලට අමතරව මනුසත්බව වඩන සංවර්ධන සැලැස්මක නියමු ව්‍යාපෘතියක් ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලබන වසරේ සිට ක්‍රියාත්මක කර එහි සාර්ථකත්වය මත මුළු දිවයිනේම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී කීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ‍පොළොන්නරුවේ ක්‍ෂේත්‍රගත රාජ්‍ය නිලධාරීන් සඳහා වූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි. මෙම උළෙල ‍පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැති අතර පිළිගැනීමේ කතාව ‍පොළොන්නරුව මහ දිසාපති එස්. සේනානායක මහතා විසින් සිදුකළේය. “පිබිදෙන පුරවර පුලතිසි අසිරිය” නමින් වාර්තා වැඩසටහනක්ද දිග හැරීමෙන් අනතුරුව මේ බව කීය. ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස අමතා වැඩිදුරටත් මෙසේ ද කීය.

“අපේ රටේ පරිපාලනය සහ සංවර්ධනය කළමනාකරණ කටයුතු ගත්තාම ප්‍රධාන වශයෙන් රේඛීය අමාත්‍යාංශ සහ දිසාපති ක්‍රමය අසූව දශකයේ වෙනස් අතකට යොමු වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වෙනි සංශෝධනය සහ පළාත් සභා පනත සමග. ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධනයේ මූලිකත්වය ගෙන කටයුතු කළ දිසාපතිවරුන්ගේ පරිපාලනය ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ප්‍රාදේශීය ‍ලේකම් පාලනයට වෙනස් කරුණු ලැබුවා. අද අපේ රටේ ක්‍රියාත්මක වන රේඛීය අමාත්‍යාංශ, පළාත් සභා, දිසා ‍ලේකම්, ප්‍රාදේශීය ‍ලේකම් යන අංශ අපේ රටේ සංවර්ධනයේ ආයතනික ව්‍යුහ. ඒ තුළ තමයි අවශ්‍ය සංයුතිය සකස් වෙලා තිබෙන්නේ. මෙතැනට රැස්වෙලා සිටින සියලුම දෙනා ගත්තාම ප්‍රධාන වශයෙන්. ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල ගත්තාම කාර්යාලයේ හා ක්‍ෂේත්‍රයේ සේවය කරන නිලධාරීන් ගත්තාම කාන්තාවන් මොනතරම් සංඛ්‍යාවක් ඉන්නවාද කියලා මගේ අවධානයට යොමු වුණෙත් දැනට මාස තුන හතරකට උඩදී. මේ රැස්වෙලා ඉන්න පිරිසෙන් සියයට හැත්තැවක් විතර කාන්තාවන් පිරිමි සියයට  තිහක් විතර. රටේ සංවර්ධනයේ වගකීම හා ප්‍රමුඛත්වය පැවැරිලා තියෙන්නේ කාන්තාවන්ට. මම ඒ ගැන සතුටු වෙනවා. අද ලෝකයේ රාජ්‍ය නායිකාවන් ඉන්නවා 18ක්. මම හිතන්නේ තව මාසෙකින් දෙකකින් ලෝකයේ ප්‍රබලම රාජ්‍ය පාලනය කාන්තාවක් සතුවන්නට යන බව පෙන්වනවා.

‍පොළොන්නරුව දිස්ත්‍රික්කය වගේම රටේම සංවර්ධනය ගැන කතා කරන විට විවිධ පැතිකඩ හරහා විවිධ ක්‍ෂේත්‍ර හරහා පුළුල් ලෙස පැතිරී යන බව ඔබ දන්නවා. සංවර්ධනය ගැන කතා කරන විට ගම පුරුදු වෙලා ඉන්නේ සාම්ප්‍රදායික විදිහට පාර හදන එක විදුලිය දෙන එක පාසල් හදන එක ආදී මෙවැනි යම් කිසි සීමා සහිත රාමුවක් තමයි සාමාන්‍ය ජනතාව බොහෝ වෙලාවට දැක්කේ. එයයි ඔවුන්ගේ සාකච්ඡාවට හා සංවාදයට ලක් වුණේ. නමුත් සංවර්ධනයේ විවිධ ක්‍ෂේත්‍ර ගත් විට එය කොතෙක් දුර විහිදී ඇත්ද කියන කාරණාව අපි සෑම කෙනෙක්ම සොයා බැලීම අපි හැම දෙනාගේම වගකීමක්.
මම දන්නේ නෑ මෙතැන ඉන්න හැම කෙනාම දන්නවාද කියලා ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයක ක්‍ෂේත්‍රයේ හා කාර්යාලයේ ඉන්න නිලධාරීන් කොච්චරද තනතුරු කොච්චර ද කියලා. මම කාගේත් දැන ගැනීම සඳහා කියන්නම් ලොකු ලැයිස්තුවක් තියෙනවා සමහර අය වැඩි කොටසක් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ. තව කොටසක් දෙපාර්තමේන්තුවල ඉන්නවා. සමහර අය දිසා ‍ලේකම් කාර්යාලවල ඉන්නවා. තව දිග ලැයිස්තුවක් තියෙනවා. මේ තත්ත්වය ගත්තාම මම දන්නේ නෑ මේ සියලු තනතුරුවලින් කෙරෙන කාර්යන් මාස තුනකට හයකට සැරයක්වත් කෙරෙන කාර්යන් පිළිබඳව ප්‍රාදේශීය ‍ලේකම්තුමාලා ප්‍රගති සමාලෝචනයක් කරනවාද කියලා.
එතකොට ‍පොළොන්නරුව දිස්ත්‍රික්කය විදිහට නමෛයි මුළු රට වශයෙන් ගත්තාම දැනට වඩා එළියට එන විවෘත

කාර්යක්ෂම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ලබන වසරේ ඉඳලා මම තීරණය කළා. අපි ලබන වර්ෂය නම් කරලා තිබෙනවා දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය කියලා. ඒ නිසා ලබන වසරේ මේ දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂයේ මේ සියලුම තනතුරුත් ඒ සඳහා යොදාගන්න අපි බලා‍පොරොත්තු වෙනවා. මේ තනතුරුවල වැඩ පිළිබඳව මාස තුනකට හයකට වතාවක්වත් ප්‍රාදේශීය ‍ලේකම්තුමාලා ප්‍රගති සමාලෝචනය කරන්න ඕන. එයාලගේ වැඩ කෙරෙනවද කියලා. ‍පොෙළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් නමෛයි රට වශයෙන්ම ප්‍රාදේශීය  ‍ලේකම්වරු මගින් මේ වන විටත් ක්‍රියාත්මක වන විශාල වශයෙන් වැඩසටහන් තියෙනවා. ඒවාත් ලබන වසරේ විශාල සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමත් කරන්න. ඇතැම් ව්‍යාපෘති මේ ඔබ දැක්ක ඉදිරිපත් කිරීමේ තිබුණේ නෑ. මේ තත්ත්වය සැලකිල්ලට ගත්තාම අපි මූලික වශයෙන් ඔය සියලු දෙනාගෙන් ම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ දිස්ත්‍රික්කයේ ඉන්න මේ සෑම නිලධාරියෙක්ම කෙරෙන කටයුතු ගැන අවබෝධයක් තිබිම අවශ්‍ය වෙනවා. නැතිනම් මේ අය කෙරෙන කටයුතු ගැන දන්නේ නෑ. ඒ නිසා ප්‍රාදේශීය ‍ලේකම්තුමාලාගෙන් ආයතන ප්‍රධානීන්ගෙනුත් ඉතාම කාරුණික ඉල්ලීමක් කරනවා. මේ අපි කරන වැඩ ගැන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමක් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ අනිවාර්යෙයන්ම තමන්ගේ කොට්ඨාසයේ එක් එක් අංශවල සහය දීමත් සියලු දෙනාටම අත්‍යවශ්‍ය වෙනවා.

ඒ නිසා මම අත්හදා බැලීමක් ලෙස ‍පොළොන්නරුව දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල පදනම් කරගෙන දිස්ත්‍රික් සංවර්ධනයේ දී මේ සියලු තනතුරු ඒකාබද්ධ වූ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටයි බලා‍පොරොත්තු වන්නේ. එහි සාර්ථකත්වය අනුව රට වශයෙන්ම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය භෞතික සම්පත්වල කිසිම අඩුවක් තියන්නේ නෑ. අලුතෙන් ඉදි වන දිසා ‍ලේකම් කාර්යාලයට රුපියල් කෝටි පනහක් විතර වැය වෙනවා. ඒ වගේම කෞතුකාගාරය පුස්තකාලය. මේ හැම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයකම සමබර සංවර්ධනයක් සිදුවෙනවා. ඒ සංවර්ධනය සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වෙනවා. මේ අඩුපාඩු සංවර්ධනය කිරීමේදී අදාළ ව්‍යාපෘති යෝජනා ලබා ගන්නා විට අපි මතෛක් යෝජනා ලබා ගත් ක්‍රමයේත් බොහෝ අඩුපාඩු මම දකිනවා. ඒ නිසා මම ප්‍රාදේශීය ‍ලේකම්තුමාලගෙන් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ රැස්වීමෙන් පස්සේ මේ මාසෙම සියලු ක්‍ෂේත්‍ර සහ කාර්යාල නිලධාරීන්ගේ සාකච්ඡාවක් අරගෙන තම තමන් නියෝජනය කරන ප්‍රදේශවල මහජනයාට තිබෙන අත්‍යවශ්‍ය අඩුපාඩු කළ යුතු කාර්යත් මේ සංවර්ධන සැලැස්මට ඇතුළත් වෙලා නැතිනම් ඉතාම ඉක්මනින් ඒ යෝජනා අප වෙත එවන්න. ප්‍රාදේශීය ‍ලේකම්තුමාලා දිස්ත්‍රික් ‍ලේකම්තුමාට බාර දුන්නාම දිසා ‍ලේකම් කාර්යාලයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ලැබෙනවා.
ඒ අනුව අපට පුළුවන්කම ලැබෙනවා ඒ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. ඒ භෞතික සම්පත් සංවර්ධනය ගොඩනැගිලි පිළිබඳව අපි අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, වාරි මාර්ග, පානීය ජලය මේ සියලු විෂය ක්‍ෂේත්‍ර මම එකින් එක කතා කරන්නේ නැහැ. ඔබ දන්නවා මේ සෑම අංශයක් පිළිබඳව අවධානය යොමුවෙලා අද කටයුතු කරන්නේ මෙතන දී මේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන තවත් බාහිර ප්‍රශ්න ගණනාවක් තියෙනවා.

ඊළඟට මත්ද්‍රව්‍ය, මත් කුඩු, අරක්කු, සිගරට්, ගංජා දැන් ගම්වලට ගලාගෙන එන්න පටන් ගෙන තියෙනවා. රට වශයෙන්ම තිබෙන තත්ත්වයක් මේක. අපි රජය විදිහට දැඩි ලෙස අවධානය යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජාතික වශයෙන් අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ‍පොළොන්නරුවේත් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙනියන වැඩසටහනේදී ඔබ සෑම කෙනෙකුටම යම් කිසි වගකීමක් පැවරෙනවා. ඔබේ තනතුර කුමක් වුවත් ඔබේ තනතුරට අදාළ වුණත් නැතත් මේ පුළුල් ජාතික කාර්යට සහය දෙන්න කියලා මම කාරුණිකව ඉල්ලනවා. ා. ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය ආයතන දෙපාර්තමේන්තු මේ සියල්ලට අපි චක්‍ර‍ලේඛ එවලා තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු හදන්න. ඉස්සරලා තමන්ගේ ආයතනයේ තමන්ගේ කාර්යාලයේ තත්ත්වය සමාලෝචනය කරන්න.

ඒ වගේම අනිත් විෂය ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. මම දීර්ඝව මේවා ගැන කතා කරන්නේ නෑ. දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධයෙන් හැම කෙනෙක්ම ලබා දෙන පළුල් සහයෝගය ඉතාමත් අගය කරනවා. 2017 ඉඳලා හඳුන්වා දෙන අලුත් වැඩසටහන්වලට තමන්ගේ විෂය ක්‍ෂේත්‍රයට අයත් නොවුණත් යුතුකමක් විදිහට මේ සෑම කටයුත්තකටම සහය දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ලබන අවුරුද්ද සඳහා එන චක්‍ර‍ලේඛ විධි විධාන අනුව මම කලින් කියපු තනතුරුවල ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන මේ වැඩසටහනට ඔබ සියලු දෙනාගේම පූර්ණ සහයෝගය බලා‍පොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා මෙතැන ඉන්න සියයට අනූවක්ම ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උපන් හැදුණු වැඩුණු දෙමාපියෝ ඉන්න අය කියලා. සියයට දහයක් ඇති පිට පළාත්වල අය මෙහෙ වුණත් පිටින් වුණත් මේ ජාතික වගකීම සහ යුතුකම පිළිබඳව අඩු තක්සේරුවකින් නොසලකා කටයුතු කරන්න ඕන.
දැන් රතන හාමුදුරුවෝ දින ගණනක් මෙහෙ නැවතිලා වස විසෙන් තොර දේශීය ආහාර නිෂ්පාදන දිරි ගන්වන්න කාබනික ‍පොහොර ලබාදෙමින් ගමක් ගාණේ කටයුතු කරනවා. මේ දිස්ත්‍රික්කය ලංකාවේ අනිත් දිස්ත්‍රික්කවලට සියලු අංශයන්ගෙන් ආදර්ශ දිස්ත්‍රික්කයක් බවට පත් වෙන්නට ඕන. මම නියෝජනය කරපු දිස්ත්‍රික්කය විදිහට දැන් මට දිස්ත්‍රික්කයම නමෛයි මුළු රටම අයත් නමුත් මගේ මුල මෙතැන. නියමු ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් දෙන්නේ මූලික වශයෙන් ආරම්භ කරන ආදර්ශවත් වැඩපිළිවෙළවලදී අනික් දිස්ත්‍රික්කවලට යන්න කලින් ආදර්ශ නියමු ව්‍යාපෘති ලෙස බලලා ඒ කටයුතු රට පුරාම කරන්නයි.

මෙච්චර තනතුරු රාශියක් තිබෙද්දී මතෛක් මේ සියල්ල ඒකාබද්ධව ක්‍රියාත්මක නොවුණේ ඇයි කියන එක මට බරපතළ ප්‍රශ්නයක්. මහජනයා දන්නෙත් නෑ මෙච්චර තනතුරු මැති ඇමැතිවරු දන්නෙත් නෑ. ඒ නිසා වඩාත් සාර්ථකත්වය තිබෙන්නේ  ඒකාබද්ධ වැඩපිළිවෙළක් තුළයි. වාරි මාර්ග, කෘෂිකර්ම, සෞඛ්‍ය, අධ්‍යාපන මේ සෑම අංශයක්ම අංග සම්පූර්ණ කරන වැඩපිලිවෙළ ක්‍රියාත්මක වෙනවා. 2017 වසරේ ‍පොළොන්නරුවේ කුමන ගම්මානයකට ගියත් ඒ හැම ගමකම ජනතාවගෙන් මේ ගමේ කිසිම ප්‍රශ්නයක් අඩුපාඩුවක් නැතැයි කියපා ඇසෙන්න ඕන. මුළු රටම ඒ විදිහට ගොඩනැගීමයි අපේ අරමුණ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න