මෝගන් එනතුරු එංගලන්තය මග බලයි

මතභේදාත්මක බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයෙන් ඉවත්වූ එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන් එළඹෙන ඉන්දී්‍ය සංචාරයේදී යළි කණ්ඩායමේ නායකත්වය භාරගනු ඇතැයි එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජික ජේම්ස් විටාකර් පවසනවා. ඔහු කියා සිටියේ මෝගන් කන්ඩායමෙන් ඉවත්වීම බංග්ලාදේශ සංචාරයේදී එතරම් තදින් බලපාන කරුණක් නොවනු ඇති බවයි. එහෙත් නායකයකු වශයෙන් දෙවසරක කාලයක් පුරා මෝගන් විශිෂ්ට ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටු නියෝජිතයි පවසන්නේ. එf හේතුවෙන් ඉන්දියාවට එරෙහි සංචාරයේදී මෝගන් යළි කන්ඩායමේ නායකත්වය පිළිගත යුතු බවයි ඔහුගේ මතය වන්නේ. මේ වන විට බංග්ලාදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි එංගලන්ත ක්‍රිකට් නායකයා එම සංචාරයේදී කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කරරනු ලැබුවේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න