ෂකීබ් අල් හසන් ගුවන් අනතුරකින් බේරෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ශකීබ් අල් හසන් ගමන් ගත් හෙලිකොප්ටර් යානයක් ඔහු යානයෙන් ඉවත්වීමෙන් විනාඩි කිහිපයකට පසු අනතුරට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කළේ එම හෙළිකොප්ටර් යානයෙන් ඩකා වෙත පැමිණි ශකීබ් අල් හසන් හා ඔහුගේ බිරිද හැරලවා යලි පිටත්ව ගිය යානය මොහොතකින් කඩා වැටී ඇති බවයි. සිද්ධියෙන් යානයේ ගමන්ගත් අයතු මරණයට පත්ව තවත් 4 දෙනකු තුවාල ලබා තිබුණා. මේ සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශකීබ් අල් හසන් සදහන් කළේ මෙම අනතුරින් තමා දැඩි කම්පනයකට පත්ව සිටින බවයි. අනතුර සිදුවීමට පෙර යානයෙන් ඉවත්වීමට ලැබීම තමන්ගේ වාසානාවක් ලෙස සලකන බවයි ඔහු කියා සිටියේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න