හිටපු වරාය සභාපති කොටුවෙන ලකුණු

පසුගිය සමයේ වරායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්්‍ය ප්‍රියාත් බන්දු වික්‍රම හා තවත් ව්‍යාපාරිකයන් පිරිසක් ඉදිරි සති කිහිපයේදී අත්අඩංගුවට පත්විය හැකි බව විශ්වාසනීය ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මෙම පිරිසට එරෙහිව පසුගිය රජය සමයේ විවිධ අක්‍රමිකතාවල යෙදීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

එයින් හිටපු සබාපතිවරයාට එල්ලවී ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ අයථා වත්කම් උපයා ගැනීමයි.

ඊට අමතරව පසුගිය රජය සමයේ මැතිවරණ කටයුතු සදහා වරායේ සේවකයින් යොදවමින් වරාය අධිකාරියේ මුදල් ඒ සදහා වැය කිරීස සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවුණා.

ඊට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් වරක් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කැදවා ප්‍රකාශයක්ද සටහන් කරගනු ලැබුවා.

අධිකරණ නියෝගයකට අනුව බැංකු මූල්‍ය ආයතන හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය ඇතුළු ආයතන 81 කින් ලබාගත් තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අදාළ පරීක්ෂණ පවත්වන බවයි පැවසෙන්නේ.

ඔහුටද මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා එල්ලවිය හැකි බව වැඩිදුරටත් අනාවරණ වුණා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න