අමිතාබ් නීතීඥවරයෙක් වෙයි

‘පින්ක්’ ඉන්දීය මහා නළු, අමිතාබ් බච්චන් රඟන අලුත්ම චිත්‍රපටයයි. ඊයේ තිරගතවීම ඇරඹුණු  මේ චිත්‍රපටයේ අමිතාබ් රඟන්නේ නීතීඥ වරයකුගේ චරිතයයි. අතවරයකට ලක්වන කාන්තාවන් තිදෙනෙකු වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමෙහිලා වෙහෙසෙන නීතීඥයෙකු ගේ කතාව ‘පිනක්’ කියාපානවා.

මේ චිත්‍රපටය ගැන අමිතාබ් දක්වන්නේ මෙවැනි අදහසක්. මෙය “social Thriller’ ගණයට වැටෙන චිත්‍රපටයක්. සමාජයේ සාකච්ඡා විය යුතු ප්‍රධාන අංගයක්ව තිබෙන, ඒවුණත් එහි ගති ස්වභාවය නිසා සාකච්ඡා නොවන දෙයක් මෙහි සාකච්ඡා ‍වෙනවා. මෙය ස්ත්‍රියක් සතු බලය හෝ ස්ත්‍රී දූෂණ පිළිබඳ කතාවක් නොවෙයි”. චිත්‍රපටය නිර්මාණයේදී බොහෝ අතීත නඩු අධ්‍යයනය කර ඇති බවත් සඳහන්. මේ චිත්‍රපටයේ අමිතාබ් සමඟ තප්සී පානු, කර්ටි කුල්කානි ආදීන් රංගනයේ යෙදෙනවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න