අහම්ඛෙන් හොලිවුඩ් තරුවුණු පස් දෙනකුගේ කතා

හොලිවුඩ් පුරයේ තරු සහ තාරුකාවියන් සුපිරි ජීවිත ගත කරන්නන් හා සුපිරි ආදියම් ලබන්නන් බව රහසක් නොවේ. එහෙත් එවන් සුපිරි ජීවිතයක් යමෙකුට අහම්බයක් සේ ලැබිය හැකි නම් එය විස්මිත තත්ත්වයක් වනු නොඅනුමානය. මේ එසේ අහම්බයකින් හොලිවුඩ් පුරයේ සුපිරි තරු බවට පත්වූ පස් දෙනකුගේ තොරතුරුයි.

විල් ස්මිත් – රංගන ශිල්පියකු වීමට සිතා හෝ නොතිබූ ඔහු දිනක් එක්තරා ස්ථානයකදී සිය රථය නැවතීමට ඉඩක් නොමැතිව අසල සිටි අයකුගෙන් තම රථය නවතා ගැනීමට යම් ඉඩක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ රථයේ සිටියේ අන් කවරකු හෝ නොව ලොව සුපතල වර්නර් බ්‍රදර්ස් සමාගමේ උප සභාපතිවරයායි. ඔහු සිය රථය මදක් ඉවතට ගත්තේ විල්ට උපකාර කිරීමටයි. ඔහුගේ ඊළග තීරණය වූයේ විල් සුපිරි තරුවක් කිරීමයි.

ඊවා මෙන්ඩේස් – ජනප්‍රිය චරිතයක් නොවූ ඈ අසල්වැසියන්ට උපකාර කිරීමට කැමැත්තක් දැක්වූවා. එසේ උපකාර කරන අවස්ථාවක අසල්වැසියකු විසින් ගත් සේයාරුවක් අහම්ඛෙන් වෙළද දැන්වීම් ආයතනයක පුද්ගලයකු දැකීමෙන් පසු ඇයගේ ජීවිතය වෙනස් වුණා.

මැරලින් මොන්රෝ – කලක් ඈ ගුවන් යානා පින්තාරු ශිල්පිණියක් ලෙස ගුවන් කදවුරක සේවය කර තිඛෙනවා. එහිදී ඇය සේවය කරන අවස්ථාවකදී හමුදා සෙබලකු ගත් සේයාරුවක් ඇයගේ අනාගතය වෙනස් කළා.

ක්‍රීස් පැට් – ඔහු කලෙක වෘත්තියෙන් වේටර්වරයෙක්. දිනක් ඔහු ආහාර ගෙන එද්දී කාන්තාවක් ඔහු දෙස බලා සිටියා. ඇය සොයමින් සිටියේ සුපිරි නලුවෙකුවීම සදහා වූ නව චරිතයක්. ඒ මෙම වේටර්වරයායි.

ක්ලින්ටන් ඊස්ට්වුඩ් – ඔහු එක්වරක ගුවන් අනතුරකින් ජීවිතය ඛේරාගත්තා. ඒ පිළිබද මාධ්‍ය ආයතනයක් විකාශය කළ පුවතකදී ඔහුගේ රුව දුටු අධ්‍යක්ෂකවරයකු මේ ජිවිතය ඛේරාගත් තැනැත්තාව නලුවකු කළා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න