ඇවිත් නතර වුනත් සල්ලි ගෙවන අරුම පුදුම නගර

ලෝකයේ දියුණු රටවල් තමන්ගේ රටවල ජීවත්වන ජනතාව සදහා ඉහලම මට්ටමේ පහසුකම් සැලසීමට උත්සුකව කටයුතු කරනු ලබනවා.
එහිදී වැඩි වශයෙන් අවධානය යොමුකරනු ලබන්නේ අවම ආදායම් මට්ටමක් සහතික කිරීම හා ආහාර / සෞඛ්‍ය /ආයෝජන යන අංශයන්ගෙන් පුරවැසියා ශක්තිමත් කිරීම පිළිබදයි.
එයින් තවත් පෙරට යමින් තමන්ගේ රට හෝ ප්‍රාන්තය තුල ජීවත්වන ජනතාවට වැටුපක් නොමිලේ ලබා දෙන නගර හා රටවල් පවතින බව ඔබ දැන සිටියාද ?
විශ්වාස කිරීමට අපහසු තත්ත්වයක් ලෙස පෙනුනත් එය සැබෑවක්.

ලෝකයේ මේ වන විට රටවල් කිහිපයක ප්‍රධාන නගර 20 කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ රටවල පදිංචිව සිටින ජනතාවට මූල්‍යමය මාසික දීමනාවක් / නේවාසික පහසුකම් සදහා දීමනාවක් ලබාදීම ආදිය සිදුකරනවා.
එම රටවල පදිංචිව සිටින විදේශිකයින්ට මෙන්ම රැකියා සදහා එම නගරවෙත පැමිණෙන පුද්ගලයින්ටද එම දීමනාව හිමිවීම විශේෂත්වයක්.

මේ එම නගර ලයිස්තුව හා ලබාදෙනු ලබන දීමනාවන් ලයිස්තුවයි.

Detroit, Michigan, USA

මෙම නගරයේ පාලනය විසින් නම් කර ඇති වෘත්තීන් වල නිරත වන පුද්ගලයින් උදෙසා මාසිකව ඩොලර් 2,500 ක එනම් මෙරට මුදලින් රුපියල් 3න් ලක්ෂ 60,000 ක මුදලක් නොමිලේ ලබාදීම සිදුකරනු ලබයි. මෙහිදී සැලකිල්ලට ලක් කර ඇති වෘත්තීන් අතරට සියලුම වර්ගයේ වෘත්තීන් ඇතුලත්ය.

Alaska, USA

අමෙරිකාවට අයත් අධික ශිතල කලාපයකි. මෙහි වාසය කරන්නන් හා වසය කිරීමට සූදානම් පුද්ගලයින් වෙනුවෙන් අමෙරිකානු රජයේ අරමුදලක් පිහිටුවා ඇත. එයින් ගෙවනු ලබන මාසික දීමනාව අති විශාල එකකි.

Saskatchewan Province, Canada

උපාධියක් සහිත කිසියම් පුද්ගලයකු මෙම නගරයේ වසර 7ක් වාසය කිරීමට සූදානම් නම් ඔහුට මාසිකව කැනේඩියානු ඩොලර් 20,000 බැගින් ලබාදේ. නගරයට උගතුන් ආකර්ෂණය එහි අපේක්ෂාවයි.

Niagara Falls, New York, USA

උපාධි සහිත පුද්ගලයින්ට හා ව්‍යාපාර කිරීමට කැමති පුද්ගලයින් මෙහි පදිංචි වන්නේ නම් ඔවුන්ට මාසිකව ඩොලර් 7,000 බැගින් ලබාදේ.

Ponga, Asturias, Spain

විවාහක යුවලක් මෙම නගරයේ පදිංචි වන්නේ නම් ඔවුන්ට ලබාදෙන මාසික දීමනාව යුරෝ 3,000 කි. දරුවකු වෙනුවෙන්ද මාසිකව යුරෝ 3,000 ක් ලබාදේ.

Utrecht, The Netherlands

කිසිදු භේදයකින් තොරව මාසිකව ඩොලර් 1,000ක් ලබාදෙන නගරයකි.

Curtis, Nebraska, USA

කිසිදු භේදයකින් තොරව මාසිකව ඩොලර් 1,000ක් ලබාදෙන නගරයකි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න