ගම හදන්න එක්සත්ව කැපවෙමු – ජේ සී රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

පක්ෂ පාට ඛේදයෙන් තොරව ග්‍රාමීය ප්‍රදේශ වෙත සංවර්ධනය රැගෙන යාම සදහා සියලු රාජ්‍ය සේවකයින් සිය උපරිම දායකත්වය ලබාදීම වැදගත් බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර සම සංවිධායක හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.

මාවතගම ආසනයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේදී පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටුව සදහා සහභාගී වෙමින් ජේ සී අලවතුවල මහතා මෙම අදහස් පල කළා.

රජය විසින් සැලසුම් කර ඇති දැවැන්ත ව්‍යාපෘත හරහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශ කැපී පෙනෙන දියුණුවකට ලක්වනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

යහපාලන රජය ඉදිරියේදී ජාත්‍යන්තරය සමග එලඹෙන ගිවිසුම් හරහා මෙරට විවිධ ප්‍රදේශවල සංවර්ධනය සදහා ව්‍යාපෘති මෙහෙයවීම එක් එක් රටවලට හිමිවන බවත් එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයද විශේෂ අවධානයක් දිනාගත් දිස්ත්‍රික්කයක් බවත් අලවතුවල මහතා මෙහිදී පෙන්වා දුන්නා.

සෑම අවස්ථාවකදීම ජනතාව වෙනුවෙන් සේවා සැපයීමට යුතුකමක් හා වගකීමක් පවතින බව අවබෝධ කර ගනිමින් රජය කටයුතු කරන බවත් ඊට රාජ්‍ය නිලධාරීන්ද පූර්ණ දායකත්වය ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න