“තන්තිරිමලය පිළිබද පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්” එළිදකී

සදරැසි සුදුසිංහ විසින් රචනා කළ “තන්තිරිමලය පිළිබද පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්” කෘතිය එළිදක්වා තිඛෙනවා.
ප්‍රාග් ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා ඓතිහාසික යන  යුග ත්‍රිත්ත්වයම ආවරණය වන දාමයක් වන වර්තමාන තන්තිරිමලය තුල සිදුකළ පර්යේෂණයකින් පසුවයි මෙම කෘතිය රචනා කර ඇත්තේ.

මෙහිදී නව පුරාවස්තු රැදි කුටි සහ නව ශිලා ලේඛන කිහිපයක්ද සොයා ගැනීමට ලේඛිකාව සමත්ව තිඛෙනවා.

මෙතෙක් තන්තිරිමලය සම්බන්ධයෙන් වැඩිම තොරතුරු සහිතව එළිදක්වා ඇති කෘතියද මෙයයි.

සදරැසි සුදුසිංහ සිය පුරාවිද්‍යා විද්‍යාපති උපාධිය සදහා සිදුකළ පර්යේෂණයක් ඔස්සේ එළිදක්වා ඇති මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශනයක්.

මහාචාර්්‍ය සෙනරත් පරණවිතාන, ජෝන් ස්ටීල් , මහාචාර්්‍යය එච් සී පී ඛෙල් වැනි විශිෂ්ටයන්ගේ සිට වර්තමාන මහාචාර්්‍යවරුන් හා ආචාර්්‍යවරුන් සිදුකළ පර්යේෂණ සැලකිල්ලට ගෙනයි මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ.

අනාගතයේදී තන්තිරිමලය සම්බන්ධයෙන් ගවේෂණය කරන පුද්ගලයින්ට මෙම කෘතිය මනා පිටිවහලක් වනු ඇති බවයි කතුවරිය පවසන්නේ.

සදරැසි සුදුසිංහ මීට පෙර සිත් අහස නමින් කාව්‍ය සංග්‍රහයක් සහ සොඳුරු හිරු නමින් නවකතාවක්ද ලියා පලකරනු ලැබුවා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න