නොබැඳි සමුලුව අමතන්න ජනපති අද වෙනිසියුලාවට

වෙනිසුයිලාවේ කර්කස් අගනුවරදී පැවැත්වෙන නොබැදි ජාතීන්ගේ සමුළුවේ රාජ්‍ය නායක සැසිවාරය ඇමතීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිවයිනෙන් පිටත්ව යනවා.
පසුගිය 13 වනදායි සමුළුව නිල වශයෙන් ආරම්භ කෙරුණේ.
ඊට මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් එක්ව සිටිනවා.
අද දිවයිනෙන් පිටත්ව යන ජනාධිපතිවරයා හෙට දිනයේදී නොබැඳි ජාතීන්ගේ සමුලුව ඇමතීමට නියමිතයි.
ඉන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා අමෙරිකාව බලා පිටත්ව යන්නේ ජගත් මහා මණ්ඩලයේ 71 වන සැසිවාරයට එක්වීමටයි.
එහිදී ජනාධිපතිවරයා ලබන 21 වනදා සමුලුව ඇමතීමට නියමිතව තිඛෙනවා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න