පකිස්ථාන බෝම්බ ප්‍රහාරයේ මරණ 36 ට වැඩි වෙයි

පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ පිපිරීමෙන් මිය ගිය ගණන 36 ක් දක්වා ඉහල ගොස් තිඛෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූවන් 28 දෙනකුද තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ.
වයඹ දිග පාකිස්ථානයේදී ප්‍රහාරය එල්ලවූ අතර තලේබාන් සංවිධානය එහි වගකීම භාරගෙන තිඛෙනවා.
පකිස්ථාන හමුදාවට සහය දක්වන පිරිසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න