මාධ්‍යවේදිනී අරුණි මුතුමලීගේ කෘති 2ක් අනිද්දා එළි දකී

මාධ්‍යවේදිනී අරුණි මුතුමලී විසින් රචිත ‘අරම’ සහ ‘අලි ඇත්තුයි අතපත්තුයි’ ග්‍රන්ථ ද්විත්වය ජනගත කිරීමේ උලෙළ 19 වැනිදා සඳුදා පස්වරු 3.30ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මේ පොත් පිළිබඳ විග්‍රහ කිරීම මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ආචාර්ය එඩ්වින් ආරියදාස, ‍වෛද්‍ය නන්දන අතපත්තු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මැල් යන මහත්වරුන් විසින් සිදු කෙරේ. මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා විසිනි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න