රිමාන්ඩ් කළ පසු ලෙඩවන දේශපාලනඥයන් අනාථයි – ගෙවන වාට්ටුව වැසෙයි

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්‌ටුව (මර්චන්ට්‌ වෝඩ්) අලුත්වැඩියා කිරීම් කටයුතු සඳහා වසා දැමීම නිසා රක්‍ෂිත බන්ධනාගාරගත වන දේශපාලකයන් ඇතුළ ප්‍රභූවරු දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

ජාතික රෝහලේ ගෙවන වාට්‌ටු බොහෝ විට පරිහරණය කරනුයේ රිමාන්ඩ් භාරයට පත්වන දේශපාලකයන්ය.

අධිකරණය විසින් රිමාන්ඩ් කළ පසුව හදිසියේ විවිධ රෝගාබාධයන්ට ලක්‌වන දේශපාලකයන් ඇතුළු ප්‍රභූවරු බන්ධනාගාර රෝහලට ඇතුළු නොවී බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ජාතික රෝහල් පරිශ්‍රයේ ඇති ගෙවන වාට්‌ටුවලට ඇතුළත් වන්නේ ප්‍රතිකාර ලබා ගැනීමට යෑයි අධිකරණයට දන්වමිනි.

එහෙත් මෙම ගෙවන වාට්‌ටු අලුත්වැඩියා කිරීමට රෝහල් බලධාරීන් තීරණය කිරීම නිසා රිමාන්ඩ් භාරයට පත්වන මෙම පුද්ගලයන් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌  ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්‌ටු අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා වසරක පමණ කාලයක්‌ ගත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මින් ඉදිරියට රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු රෝගී වන ප්‍රභූවරුන්ට කාලය ගත කිරීමට සිදුවනු ඇත්තේ බන්ධනාගාර රෝහල තුල පමණයි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න