හැටන් නුවරඑළිය මාර්ගයේ දිවි භීතිකාවක්

හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය ප‍්‍රදේශයේ ගම්මානය අසල හදුන්දිවියන් කිහිප දෙනෙකු සැරිසැරිම නිසා ගමිවැසියන් දැඩිව භිතියටපත්වි තිබෙනවා. තේ වතු අශ්‍රිතව වු විශාල රක්‍ෂිතයක සැරිසරන දිවියෙකු හා පැටවුන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ ගමිමානය අසලටම පැමිණිම නිසා ගමිවැසියන් දැඩි නොසන්සුන් තාවයකට පත්වුණා.

පසු වහැටන් පොලිසියේ නිළධාරින් එම ස්ථානයට පැමිණ එම හදුන්දිවියන් පලවා හැරිමට කටයුතු කරනු ලැබුවා. දිවියන් හා හදුන්දිවියන්ට තේවතු අශ්‍රිතව රක්‍ෂිතවල වාසයට සුදුසු පරිසරයක තිබිම නිසා ඔහුන් තේවතු සැරි සරන බවයි වනජිවි නිළධාරින් පවසන්නේ.

මෙම කුඩාඔය රක්‍ෂිතයේ දිවියන් හා දිවිපැටවුන් විශාල පිරිසක් සිටින බවට හදුනා ගෙන තිබෙනවා. ගම්මානයේ සුරතලයට ඇති කරන සුනඛයින් මෙම හදුන්දිවියන් විසින් රාති‍්‍ර කාලයේ රැගෙන යන බවයි ගම්වාසීන් පවසන්නේ. මෙම රක්‍ෂිතයේ සැරි සරන හදුන්දිවියන් වෙනත් රක්‍ෂිතයට පලවාහරින ලෙස ප‍්‍රදේශවාසින් වනජිවි නිළධාරින්ගෙන් ඉල්ලා සිටියි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න