ඒකාබද්ධ විපක්ෂයේ කලුතර ප්‍රබලයෙක් ආණ්ඩුවට

තමන්ට එරෙහිව එල්ලවී ඇති මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අත් හිටුවන්නේ නම් වර්තමාන නායකත්වය පිළිගනිමින් නිදහස් පක්ෂයට යළි එක්වීමට කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකු එකගතාවය පල කර ඇතැයි තොරතුරු වාර්තාවනවා.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මෙම මන්ත්‍රීවරයා දින කිහිපයකට පෙර නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුණ ගැසී මේ පිළිබද සාකච්ජා කර ඇති බවයි.
මොහු ඉකුත් රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන අතර ඔහුට චෝදනා එල්ලවී තිබුණේ එම අමාත්‍ය ධූරය දැරූ කාල වකවානුවට අදාළවයි.
මෙම මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශාල සහයක් දක්වන්නකු වන අතර රජයට එක්වන ලෙස පක්ෂයෙන්ද ඔහුට බලපෑම් එල්ලවෙමින් පවතින බවයි අදාළ වාර්තා අනාවරණ කළේ.
මෙම මන්ත්‍රීවරයාගේ යෝජනා පිළිබදව ජනාධිපතිවරයා සමගද සාකච්ජාවක් පැවැත්වෙනු ඇති බවද අදාල වාර්තා හෙළි කළා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න