කැන්ගරු කාන්තාවෝ හමුවේ ලක් කාන්තාවෝ පරදිති

ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම සමග අද ආරම්භ වූ එක්දින තරගාවලියේ පලමු තරගයෙන් පහසු ජයක් හිමි කර ගැනීමට සංචාරක ඔස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. ඒ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 4කින් පරාජයට පත් කරමින්. කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 24 යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 76 ක් පමණයි. එහිදී ශ්‍රී ලංකා කාන්තා පිලේ මුල් පිතිකාරිණියන් 6 දෙනාම ලබාගත්තේ එක් ලකුණක් පමණයි. ඉනෝකා රණවීර නොදැවී ලකුනු 32යි. එෂානි ලොකුසූරිය ලකුනු 14 ක් ලබාගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියා කාන්තා පිල පන්දුවාර 15 යි පන්දු 4කදී කඩුලු 6 ක් දැවී ලකුණු 79 ක් ලබාගත්තා. මෙග් ලැනින් ලකුණු 27 යි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න