ජනපති පුටුවට හිලරි ලංවෙයි

අමෙරිකානු ජනපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට සිදුකෙරමින් පවතින ප්‍රචාරණ කටයුතු අතරතුර ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් පසුවන බව යළිත් තහවුරු වී තිඛෙනවා.
ඒ අමෙරිකාවම ආවරණය වන පරිදි සිදුකළ සංගණනයක් මගින්.
ඒ අනුව පසුගිය 15 වනදා වන විට ජන්ද දායකයින්ගෙන් සියයට 45 යි දශම 7 ක් හිලරි ක්ලින්ටන්ට සහය පල කර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්පට සියයට 44 යි දශම 2ක් සහය පල කර තිඛෙනවා.
කෙසේ වෙතත් දෙදෙනා අතර අති ප්‍රබල සටනක් පවතින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
අමෙරිකානු ජනපතිවරණය පැවැත්වීම සදහාද තවත් ඉතිරිව ඇත්තේ දින 50 කට ආසන්න කාලයක් පමණයි.
මෙවර එම මැතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 8 වනදායි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න