පැරලිම්පික් පාපැදි තරගය අතරතුර ඉරාන ක්‍රීඩකයකු මරුට

2016 රියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි  – පාපැදි සී 4-5 ඉසව්වට එක්ව සිටි ඉරාන ජාතික ක්‍රීඩක Bahman Golbarnezhad තරගය අතරතුර සිදුවූ අනතුරකින් මරණයට පත්ව තිඛෙනවා. රියෝ නගරයේදී ඔහු මෙසේ අනතුරට පත්ව තිබුණේ  තරගය නිමා කිරීමට පෙරයි. එහිදී රෝහල් ගත කළ පසු එම ක්‍රීඩකයා මිය ගොස් තිඛෙනවා. ඔහු 48 වන වියේ පසුවන අතර 2012 පැරලිම්පික් තරගාවලියේදීද ඔහු මෙම පාපැදි ඉසව්ව නියෝජනය කර තිබුණා. මෙම මරණය පිළිබද ඉරාන පැරලිම්පික් කණ්ඩායමද තොරතුරු තහවුරු කර තිඛෙනවා.

 

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න