මරණ දඩුවමට එරෙහි දුමින්දගේ අභියාචනය 20 වනදා

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කළ බවට චෝදනා ලබා මේ වන විට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇති දුමින්ද සිල්වා මහතා සහ සෙසු සිව් දෙනා සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම 20වන අඟහරුවාදා සිදු කිරීමට කටයුතු යොදා ඇත.

පසුගිය 08 වන දා අධිකරණය බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර මෙහි දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා, දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් වෙතින් මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ බවට සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බවට නෛතිකමය විග්‍රහයක් කරමින් විත්තිකරුවන්ව නිදොස් කොට නිදහස් කළේය.

එහෙත් විනිසුරු මඩුල්ලේ පද්මිණී රණසිංහ විනිසුරුවරිය මෙහි දී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බවට සැකයකින් තොරව ඔප්පු වන බවට තීන්දුව ප්‍රකාශයට පත් කළාය. එම තීන්දුවට එම්.කේ.බී.එස්. මොරායස් විනිසුරුවරයා ද එකඟ විය.

කෙසේ නමුත් මෙම තීන්දුවෙන් පසුව ශිරාන් ගුණරත්න මහතාට එරෙහිව ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි කිහිපයක් මේ වන විට අවලාද ව්‍යාපාරයක් ගෙන යමින් පවතී.

ඒ, ඔහු රාජපක්ෂවාදියකු මෙන්ම මුදලට යට වී තීන්දු ප්‍රකාශයට පත් කර ඇති බවට චෝදනා කරමිනි. එමෙන්ම ඔහුගේ වත්කම්, බැංකු ගිණුම් ආදිය පරීක්ෂා කළ යුතු බවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බව ද පැවසේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් නීතිවේදීන් කිහිප දෙනකුගෙන් කළ විමසීමේ දී ඔවුන් පෙන්වා දුන්නේ, යම් ලෙසකින් මෙලෙස මුදලට හෝ බිය වැද්දීමෙන් හෝ මෙරට අධිකරණ තීන්දු වත්මන් යහපාලන ආණ්ඩු සමයේදීත් සිදු කිරීමේ හැකියාවක් තිබේ නම් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් එය යහපාලන ආණ්ඩුව මැදිහත් වී වහා විසඳිය යුතු බවත්ය.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න