සාමාන්‍ය බස් ඉවතට- සුඛෝපභෝගී බස් පාරට

දැනට ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් රථ එකිනෙක ඉවත් කරමින් සුඛෝපභෝගී බස්රථ ඒ වෙනුවට යෙදවීමට සැලසුම් කර ඇති බව  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද ප්‍රකාශ කළා.

ඒ කොලඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොදු ප්‍රවාහන සේවා නියාමනය රජයෙන් සිදුවන බවක් නොපෙනෙන බැවින් ස්වයං නියාමනයක් වශයෙන් මෙය ක්‍රියාත්මක කරන බවයි විජේරත්න මහතා සදහන් කළේ.

වායු සමනය කරන ලද බස්රථ පවතින ගාස්තු යටතේම ධාවනය කළ හැකි බවත් එහි දී ඉලෙක්ට්‍රික් බස් රථ යෙදවීමෙන් ආදායම තුළනය කළ හැකි වනු ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියා.

මේ සදහා කොලඹ මහ නගර සබාවේ සහය හිමිවන බවයි ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න