2020 දී එජාප ආණ්ඩුවක් – අගමැති කියයි

2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ තනි රජයක් පිහිටුවීමේ ස්ථාවරයක තමන් පසුවන බව එජාප නායකල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිඛෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශය පිළිබඳව එජාප මන්ත්‍රී පිරිසක් කළ විමසීමකදීයි.

සම්මුතිවාදී රජය 2020 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා ශ්‍රීලනිප රජයක් පිහිටුවීමේ අරමුණින් සිටිනවා සේම තමාද එජාප රජයක් පිහිටුවීමේ අරමුණින් සිටින බව අගමැතිවරයා මෙහිදී පවසා තිඛෙනවා.

ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව ඉතා නිවැරදි තීන්දුවක් ගනු ඇතැයිද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළ බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් පසුගිය රජයෙන් ඉවත්ව යහපාලනයට සම්බන්ධ වූ පිරිසක් 2020 දීත් සම්මුති රජයක් පිළිබද අපේක්ෂාවෙන් සිටින බවද එම වාර්තා හෙළි කළා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න