නිව් යෝර්ක් පිපිරීම්වල මහ මොලකරු හදුනා ගැනේ

අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරු හදුනාගෙන තිබෙනවා. නිව්යෝර්ක් නගරාධීපතිවරයා නිවේදනය කළේ ඇෆ්ගනිස්ථාන- අමෙරිකානුවකු වන අහමඞ් ඛාන් රහාමි නැමැත්තා මෙම පිපිරීම් සිදුකර ඇති බවයි.මෙම පුද්ගලයා 28 වන වියේ පසුවන බවයි අනාවරණවී ඇත්තේ. පෙරේදා දිනයේදී නිව් යෝර්ක් නගරය තුල එක් පිපිරීමක් වාර්තාවූ අතර එහිදී තුවාල ලැබූ සංඛයාව 29 ක්. පසුව පුපුරා නොගිය එක් බෝම්බයක්ද සොයාගත් අතර තවත් බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා ගොස් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close