මාසිකව රු. 75,000 ක ආදායමක්

ඉදිරි වසරේ දී, දිවයින පුරා එක් පුද්ගලයකුට මාසිකව රුපියල් 75,000 ඉක්මවූ ආදායමක් ලබා ගත හැකි ස්වයං රැකියා සංවර්ධන වැඩසටහන් මාලාවක් දියත් කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා  ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශයට වසරක් පිරීම නිමිත්තෙන් පැවති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් අමාත්‍යවරයා මෙ අවධානරය කර තිබෙනවා.

මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී තරුණයින්ගේ හා කැපවී වැඩ කරන අයගේ සහාය නිරන්තරයෙන්ම අපේක්ෂා කරන බව ද දයා ගමගේ මහතා කියා සිටියා.

වසර පහක සැලසුම්ගත වැඩපිළිවලට අනුව, පළමු වසර සැලසුම් සකස් කිරීමට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම සකස් යෙදව් බව සදහන් කළ  අමාත්‍යවරාය වැඩිදුරටත් කියා සිටියේ, සියලු දෙනාගේ ශක්තිම හා කැපවීම තුළින් ඉදිරි වසර හතර තුළ අපේක්ෂිත ඉලක්කයන් වෙත ලගා වීම අරමුණ බවයි.

මේ අනුව දැනට සැලසුම්කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා,

‘අපි සැලසුම් කරලා තියනවා නව ව්‍යාපෘතියක් ලෙස අන්නාසි වගාවැඩසටහනක් දියත් කරන්න.  මේ යටතේ අක්කර 25,000ක අන්නාසි වවන්න අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම පොල් වගාව ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන අතුරු වගාවක් ලෙසයි මෙම වැඩසටහන සැලසුම් වෙන්නේ. ඒ අනුව, ගම්පහ, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල අන්නාසි පැල මිලියන 750ක් අපි වගා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 7.5ක්.

ඒ වගේම, කප්රුකට ගම්මිරිස් ව්‍යාපෘතිය යටතේ අපි බලාපොරොත්තු වෙනවා දැනට සිදු කෙරෙන ගම්මිරිස් ඵල නෙළීම තුන් ගුණයකින් වැඩි කරන්න. ඒ සදහා අවශ්‍ය තාක්ෂණික හා විද්‍යාත්මක සහාය ලබා දෙමින් වගාකරුවන් දිරිගන්වන්න අපි කටයුතු කරගෙන යනවා.

දැනටමත් අපි ආරම්භ කරලා තියන ධනසවිය වැඩසටහන හරහා සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආශ්‍රිතවම කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් දස ලක්ෂයක් සවිබල ගන්වන්න .

          ලෝක වෙළදපොළ තුළ ඉල්ලුමක් ඇති දේශීය කුරුදු හා කුළුබඩු සම්බන්ධ ආදායම ඉහළ නැංවීමට අදාල                       සැලසුම්ගත වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන් ද අමාත්‍යතුමා මෙහිදී අදහස්  දැක්වීය.

අලුතින් කුරුදු අක්කර 25,000ක් වගාව සදහා හදුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ හරහා ලෝක වෙළදපොළේ තියන ඉල්ලුමට අනුව සැකසුම තවදුරටත් පුළුල් කරන්නත් අපිට හැකියාව ලැබෙයි.

දිවයින පුරා කාන්තාවන් මූලික කර ගනිමින් මී මැසි පෙට්ටි ලක්ෂයක් ස්ථාපිත කරන්න අමාත්‍යාංශය අදහස් කරගෙන යනවා. ඒ වගේම, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ලබා ගත හැකි ආදායම හා ඒ මගින් අපිට අලුතින් කරන්න පුළුවන් නිෂ්පාදන හා නිමැයුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ සදහා විද්වතුන්ගේ හා ක්ෂේත්‍ර අත්දැකීම් ඇති අයගේ සහාය අපිට අවශ්‍යයි.

කිරි ගවයින් 25,000ක් අලුතින් හදුන්වා දීලා, එක් ගවයෙකුගෙන් කිරි ලීටර 15-30 අතර ප්‍රමාණයක් දෛනිකව ලබා ගත හැකි පරිදි ක්‍රමවේදයක් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.‘

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close