මිය යමින් සිටි සුනඛයා හිමිකාරියගේ විවාහයට ආ හැටි

සුනඛයින් මිනිසාට දක්වන්නේ අසීමිත ලෙංගතුකමක්. මිනිසුන්ගෙන් බහුරතයක්ද එසේම සුනඛයින්ට ඇල්මක් දක්වනවා. එවන් විශිෂ්ට බැදීමක ශෝකාකූල පුවතක් ඉකුත් දා විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පහත රූපයේ පසුවන කලු පැහැති සුනඛයා නමින් චාලි. එම රූපයේ මනාලියක ලෙස සැරසී සිටින්නේ ඇයගේ හිමිකාරිණිය වන කෙලී ඔ් කොනෙල්. චාලි වසර 15ක සුනඛයෙක්. එම සත්ත්වයා සිට හිමිකාරියගේ නිවසට ගෙනවිත් තිබුණේ සති 12ක් වයසැති සමයේදීයි. එදා සිට වසර 15ක් මෙම නිවසේ දිවි ගෙවූ චාලි තවත් ජීවත්වීමට නියමිතව ඇත්තේ දින කිහිපයක් පමණයි. ඒ චාලිගේ මොලයේ හටගෙන ඇති ගෙඩියක් හේතුවෙන්.
චාලිගේ හිමිකාරියගේ විවාහය පවා ඇය හදිසියේම චාම්ව සිදුකරන්නට තීරණය කළේ චාලි වෙන්වන්නට පෙර එම සුනඛයා මෙම මංගල්‍යයේ අමුත්තකු කර ගැනීමට ඇට තිබූ උවමනාව නිසයි. ඒ නිසාම චාලිට සිය හිමිකාරියේ මංගල උත්සවයට රෝගී තත්ත්වය මැද පවා අවසන් මොහොතේ සහභාගී වන්නට හැකිවුණා.
එය චාලිට සමුදීමට පැවැති උත්සවයක් ලෙස බොහෝ දෙනකුට සිතුණේ සියල්ලන්ම ඔහු දෙස බලා හැඩීම හේතුවෙන්. මේ එම සංවේදී අවස්ථාවේ ජායාරූප එකතුවක්. සුනඛයෙක් වුවත් මිනිසුන්ගේ ආදරය ලබන්නට පින් කළ චාලි නොබෝ දිනකින් සමුගනීවි. ඒත් ඔහු කෙරේ තැබූ ආදරය කිසිදා වෙනස් නොවේවි.

dogs, dog stories, dog dying of brain tumor attends wedding, dog affected by brain tumor attends owner wedding, emotional dog stories, touching do stories, dogs of facebook, dogs of instagram, indian express, indian express news

(Source: JenDz Photography/Facebook)(Source: JenDz Photography/Facebook)(Source: JenDz Photography/Facebook)

ඔබගේ අදහස අපට කියන්න

Close