වැට් බද්දට තාමත් විරුද්ධයි / මහින්දගෙන් නිවේදනයක්

බඩු මිල ඉහළ යන බව දැන දැනත් සාමාන්‍ය තොග හා සිල්ලර වෙළෙ¹ම මත වැට්‌ බදු අයකිරීම සම්බන්ධයෙන් අපට කිසිසේත්ම එකඟ විය නොහැකි බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිඛෙනවා. මේ එම නිවේදනයයි.

වර්තමානයේ අය කරන වැට්‌ බදු ප්‍රතිශතය සියයට තිස්‌ හයකින් ඉහළ දැමීමට පනත් කෙටුම්පතක්‌ ගැසට්‌ කර ඇත. ඒ අනුව භාණ්‌ඩ හා සේවා මත වැට්‌ බද්ද 11% සිට 15% දක්‌වා ඉහළ ගොස්‌ ජනතාව පීඩනයට පත්වෙනු ඇත. කිසිදාක වැට්‌ බද්දට යටත් නොවුණු පුද්ගලික වෛද්‍ය සේවාවන්වලටද මේ වැඩි වූ වැට්‌ බද්ද බලපානු ලැබේ. මේ නිසා පුද්ගලික වෛද්‍ය වියදම් එකවරම 15% කින් වැඩිවෙනු ඇත. උදාහරණයක්‌ වශයෙන් හදවත් රෝගීන්ගේ බයිපාස්‌ සැත්කමක්‌ අද රුපියල් 700,000 වන අතර අනාගතයේදී එය රුපියල් 800,000 ටත් වඩා වැඩිවනු ඇත. අද බොහෝ සාමාන්‍ය ජනතාවද පුද්ගලික වෛද්‍ය සේවාවන් ලබා ගනී. මේ බද්දෙන් කරන්නේ මිනිස්‌සුන්ගේ ලෙඩ රෝග, දුක්‌ කම්කටොලු තුළින් ආදායම් ඉපයීමට උත්සාහ දැරීමයි. රෝගයේ බරපතළකම වැඩිවෙන තරමට ආණ්‌ඩුවට අසරණ රෝගීන්ගෙන් වැඩි වැඩියෙන් මුදල් ලබාගැනීමට හැකිවෙනු ඇත.

වැඩිකරන ලද වැට්‌ බද්ද කුඩා හා මධ්‍ය පරිමාණ තොග හා සිල්ලර වෙළෙ¹ම මතද අයකිරීමට නියමිතය. මගේ ආණ්‌ඩුව කාලයේ වැට්‌ බද්ද ක්‍රියාත්මක වුණේ දිනකට ලක්‍ෂ 28 ක පමණ මහා පරිමාණයෙන් වෙළෙ¹ම් කරන සුපිරි වෙළෙඳසල්වලට පමණි. නමුත් එම සීමාව දිනකට රුපියල් 138,000 දක්‌වා පහත හෙලූ විට, තොග කඩ සියල්ලමත්, සිල්ලර කඩ සෑහෙන ප්‍රමාණයකුත් වැට්‌ බද්දට යටත් වේ. මෙයින් මුළු රට පුරාම භාණ්‌ඩ හා සේවාවන්වල මිල ඉහළ යන අතර, වැඩි කල් නොගොස්‌, එහි අතුරු ඵලයක්‌ හැටියට පාරිභෝගික ඉල්ලුමත් අඩුවෙනු ඇත. මීට කලින් පැවැති කිසිම ආණ්‌ඩුවක්‌ සාමාන්‍ය මට්‌ටමේ තොග හා සිල්ලර වෙළෙ¹ම මත වැට්‌ බද්ද පැනවූයේ නැත්තේ එයින් ආර්ථිකය තුළ ඇතිවෙන අනිටු විපාක නිසාමය.

ලෝකයේ හැම තැනම භාණ්‌ඩ මිල අඩු වෙමින් පැවතුනත්, මේ වැට්‌ බද්ද නිසා ලංකාවේ පමණක්‌ භාණ්‌ඩ මිල වැඩි වෙනු ඇත. මේ ආකාරයට බදු වැඩිකිරීමට ආණ්‌ඩුවට සිදුවී ඇත්තේ, පසුගිය ඡන්ද දිනා ගැනීමට ජනතාවට දුන් නොයෙක්‌ රැවටිලිකාර සහනවලට මුදල් සොයා ගැනීමටය. මෙය ජනතාව රැවටීමට ගිය මුදල් ජනතාවගෙන්ම අය කර ගැනීමට ගන්නා පියවරකි. වැට්‌ බදු ප්‍රතිශතය වැඩිකිරීමටත්, රෝගීන් හා වියපත් අයගෙන් වැට්‌ බදු අය කිරීමටත්, බඩුමිල ඉහළ යන බව දැන දැනත් සාමාන්‍ය තොග හා සිල්ලර වෙළෙ¹ම මත වැට්‌ බදු අය කිරීමටත් අපට කිසිසේත්ම එකඟ විය නොහැක. මේ පීඩාකාරී බදු වැඩිකිරීමේ යෝජනා නැවතත් සලකා බැලීමට ආණ්‌ඩුවට තවමත් කල් ඇත.

ඔබගේ අදහස අපට කියන්න

Close