විදෙස්ගත ලාංකිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් රජයේ විශේෂ අවධානය – මන්ත්‍රී ජේ සී කියයි

විදෙස්ගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අනාගතය වෙනුවෙන් රජය පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර සම සංවිධායක සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුරුණෑගල දිස්ත්‍රික් ශාඛා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මෙම අවස්ථාවට ඇමතිනී තලතා අතුකෝරාල මහත්මියද එක්ව සිටියා. මේ එහිදී ජේ සී අලවතුවල මහතා පල කළ අදහස්.

විදෙස්ගත ශ්‍රමිකයින් කියන්නේ මේ රටේ වැඩිම බරක් දරන පිරිසක්. රටට විශාල වශයෙන් මුදල් සපයමින් රටේ ආර්ථිකය දරාගෙන සිටින පිරිසක් තමයි මේ විදෙස්ගතව රැකියා වල නිරතවන ලාංකිකයින්. අපි දන්නවා මේ ශ්‍රමිකයින් මේ රටෙන් බැහැරව ගිහින් දුක් කම්කටොලු දරා ගනිමින් ඔවුන් මේ රටට විශාල මෙහෙයක් ඉටු කරනවා. ඒ තත්ත්වය අපි රජයක් විදියට පැහිදිලිව හදුනාගෙන තිඛෙනවා. ඒ නිසයි විදෙස්ගත වන අපේ සහෝදර ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය ඉහල නංවන්න වගේම ඔවුන්ගේ වෘත්තීමය සුරක්ෂිතතාවය පිළිබදව යහපාලන රජය අවධානය යොමුකර තිඛෙන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තොත් අපි දන්නවා මේ රටේ වැඩිම විදෙස් රැකියාවල නිරතවන ශ්‍රමිකයින් පිරිසක් වෙසෙන දිස්ත්‍රික්කවලින් එකක්. ඉතින් විදෙස්ගතව රැකියා කරන්න අපේක්ෂා කරන සියලු දෙනා වෙනුවෙන් ඉදිරියේදී විශාල පහසුකම් ප්‍රමාණයක් මේ කාර්යාලය මගින් ඉටු කිරීමට නියමිතයි. අපි දන්නවා පසුගිය කාලයේ රිසානා නෆීක්ලා වගේ අඩු වයස් තරුණියෝ කිසිම පුහුණුවකින් තොරව රැකියා සදහා වංචනිකව යොමුකරලා අවසානයේ සිද්ධ වුණු දේ. දැන් එවන් තත්ත්වයන්ට ඉඩක් නැහැ.

දැන් විදෙස්ගතවන අපේ ශ්‍රමිකයින්ට පුහුණුව අනිවාර්්‍යයි. ඒ වගේම ගෘහසේවිකාවන් විදියට යොමුවන ප්‍රමාණයක් අඩුවෙලා තිඛෙනවා. ඒ වගේම කියන්න අවශ්‍යයි මේ පුහුණුව නිසා එමීර් රාජ්‍යයේ ප්‍රධාන වශයෙන්ම ගෘහ සේවිකාවන් ලබාගන්නා රටවල් 2න් එකක් බවට ශ්‍රී ලංකාව තෝරාගෙන තිඛෙනවා. අනිත් දේ තමයි අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදෙස් රටවල සේවය සදහා යද්දි ගෙවන අවම වැටුප ඩොලර් 300 ක් දක්වා වැඩි කරගන්න යහපාලන රජය පියවර ගත්තා.

අපේ තලතා ඇමතිතුමියත් ඒ සදහා විශේෂ දායකත්වයක් උනන්දුවක් දැක්වුවා. මේ පුහුනුව වගේම වැටුප් වැඩිවීම ආදී දේවල් අපි රජයක් විදියට අපේ විදෙස් ශ්‍රමිකයින්ට ලබා දෙන දිරි ගැන්වීමක්. ඔබට මතක ඇති සවුදියේදී මරණ දඩුවම නියමව සිටි අපේ කාන්තාවක් ඛේරා ගන්නත් රජය කටයුතු කළා. මීට පෙර එවන් දේවල් මේ රටේ සිද්ධ වුණාද ? ඒ නිසා මම කියන්නේ අජය අපේ ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වගේම සුබසාධනය ගැනත් හොද විමසිල්ලකින් පසුවෙනවා. ඒ නිසා ඔබත් විදෙස් රැකියාවක නිරත වෙද්දී රටේ ගෞරවය ගැන සිතා ඒ රටවල නීති ආරක්ෂා කරමින් කටයුතු කළ යුතු වෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close