අමෙරිකාවෙන් පාකිස්ථානයට අනතුරු ඇගවීමක්

පාකිස්ථානය ත්‍රස්තවාදයේ දිව්‍යාලෝකයක් බවට පත්වීම වහා නවත්වන්නැයි අමෙරිකාව ඉල්ලීමක් කර තිඛෙනවා.
එරට අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාගෙන් මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතායි.
ඒ 71 වන ජගත් රාජ්‍ය නායක සමුලුව අතරවාරයේයි.
මේ වන විට ලෝකයේ ත්‍රස්ත සංවිදාන රැසක් පාකිස්ථානය භාවිතා කරමින් සිටින බවයි මෙහිදී ජෝන් කෙරී මහතා ප්‍රකාශ කර ඇත්තේ.
එය වහා නොවැලැක්වුවහොත් වඩාත් අමිහිරි තත්ත්වයක් ඇතිවීම නොවැලැක්විය හැකි බවයි ජොන් කෙරී මහතා පැවසුවේ.
එසේම පාකිස්ථානයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරකම්ද මෙහිදී විවේචනයට ලක්ව තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close