ඇන්ජලිනා – බ්‍රැඩ් පිට් විවාහය කටුගායි

හොලිවුඩ් සුපිරි නිළි ඇන්ජලිනා ජොලී හා සුපිරි නලු බ්‍රැඩ් පිට් සිය විවාහ දිවිය නිමා කිරීමට තීරණය කර තිඛෙනවා.
ඊට අදාළව දික්කසාද ලියවිලි ඉදිරිපත් කර ඇත්තේ 41 වන වියේ පසුවන ජොලී විසින්. ඔවුන් 2004 වසරේ සිට එක් නිවසක දිවි ගෙවූ අතර 2014 වසරේදී විවාහ වුණා.
මේ වන විට ඔවුන් දරුවන් 6 දෙනකුගේ දෙමාපියන්.
දික්කසාද ඉල්ලීමේ ඇන්ජලිනා ජොලී සදහන් කර ඇත්තේ දෙදෙනා අතර සමථ කළ නොහැකි වෙනස්කම් මීට හේතුවූ බවයි.
දරුවන් තම භාරයට පමුණුවන ලෙසත් බ්‍රැඩ් පිට්ට දරුවන් බැලීමේ අවසරය ලබා දෙන ලෙසත් එහි සදහන්.

ඔබගේ අදහස අපට කියන්න

Close