තාජුඩීන් අතුරුදන්වූ අස්ථී තිඛෙන තැන හෙළිවෙයි

ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අතුරුදන්වූ අස්ථී කොටස්වලට සිදුවූ දේ සම්බන්ධයෙන් අද අධිකරණය හමුවේ අනාවරණ කෙරුණා.
ඒ සිද්ධියට අදාළව කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද නඩු විභාගය කැදවූ අවස්තාවේදීයි.
මෙහිදී රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ තාජුඩීන්ගේ මරණ පරීක්ෂනයෙන් පසු අසථානගතවූ අස්ථී කොටස් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පවතින බවට සැකයක් පවතින බවයි.
කොලඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම ලබා යන අවස්ථාවේ ලොරි රථයකින් එම අස්ථී කොටස් එම විශ්ව විද්‍යාලය වෙත යොමුකර ඇති බවයි රහස් පොලිසිය අනාවරණ කර ඇත්තේ.
ආනන්ද සමරසේකර මහතා මේ වන විට සයිටම් ආයතනයේ උප කුලපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.
ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් රහස් පොලිසියට නිකුත් කරන්නැයි ඉල්ලමින් අධිකරණයට ඉදිරිපත් කළ පූර්ව ඇප අපේක්ෂිත අයදුම්පත්‍රයක්ද පසුගියදා ප්‍රතික්ෂේප කෙරෙැණා.

One thought on “තාජුඩීන් අතුරුදන්වූ අස්ථී තිඛෙන තැන හෙළිවෙයි

  • October 4, 2016 at 5:56 am
    Permalink

    1997ආනන්ද සමරසේකර කොළඹ අධිකරණ වෛද්යවරයා වශයෙන් සිටියා මා කඩුගන්නාව ප්රදේශයේදි බරපතල රිය අනතුරකට මුනපා කොළඹ ජාතික රොහලට ඇතුල් කලේය. මා පිලිබඳ අධිකරණ වෛද්ය කටයුතු කලේ වෛද්ය ආනන්ද සමරසෙකර මහතාය. දින 60 ක් මා රොහලේ ප්රතිකාර ලබා පිටව ගියමි. පසුව මේ පිලිබද මා විසින් අධිකරණයේ නඩුවක් ආරම්භ කලේය. මෙහිදි අධිකරණ වෛද්ය සහතිකය අවශ්ය විය මාස ගනනාවක් උසාවිය මගින් එය කැඳවූද එය සාර්ථක නොවිය එම සහතිකය නොලැබින. පසුව මා පෞද්ගලිකව මේ පිලිබද සොයා බැලිම පිනිස,කොළඹ කිංසිපාරේ පිහිටි එම ආයතනයට ගියමි. එහිදි මා හට දැනගන්නට ලැබුනේ මා දින දෙකක් ප්රතිකාර ලබා පිටව ගොස් ඇතිබව සටහන් කර ඇති බවයි. මෙහිදි සෙලින්කො රක්ෂණ සමාගම මේ සදහා රක්ෂණය ගෙවිය යුතුව තිබින. මේ පිලිබද මා හට ප්රතිකාර කළ වෛද්ය නරේන්ද්ර පින්ටො මහතා සමගද සාකච්ඡා කලේමි
    කෙසේ වෙතත් අවසන මා නඩුවෙන් දිනා, වන්දි වශයෙන් රු 3,50000.00 ක මුදලක්ද ලබාගතිමි. මොහුගේ කල්කිරියාව ඒ කාලේත් නිති විරෝධී විය. අවසානයේ මොහු සම්බන්ධ වුයේත් සමාජවිරෝධී නිතිවිරොධි සයිටම් ව්යාපාරයටය.මේ වගේ පුද්ගලයන් නිදැල්ලේ තැබිම සාමජයට කරන ලොකු හානියකි. මන්දයත් එදා කල දේ ඔහු අදත් කරයි අනිවාර්යයෙන්ම මොහු හෙට දිනයේදිත් කරනුයේ මේ කටයුතුමයි. එසේ හෙයින් මෙවැනි පුද්ගලයි බැද දැමිම රජයේ වගකිම වනු ඇත.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close