පොලිසියෙන් අතුරුදන්වූ තරුණයා , සොහොයුරා , සොහොයුරිය අද අධිකරණයට

බදගිරියේදී පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් දින 10කට පසු හමුවූ තරුණයා සහ ඊයේ අත්අඩංගුවට ගත් ඔහුගේ සොහොයුරා සහ සොහොයුරිය අද හම්බන්තොට දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.
මෙම තරුණයා පොලිස් අත්අඩංගුවෙන් අතුරුදන්වීම සම්බන්ධයෙන් රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූ අතර ඔහු සොයා ගැණුනේ දින 10 කට පසුවයි.
සැකකරු පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් විහාරයකට පැමිණි අවස්ථාවේදී මෙසේ පොලිසිය භාරයට පමුණුවා තිබුණා. ඉන් අනතුරුවයි සැකකරු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

මේ අතර සැකකරු පලා ගොස් ඇති බව දැන සිටියද ව්‍යාජ ප්‍රකාශ කරමින් පොලිසියට චෝදනා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරා සහ සොයුරිය ඊයේ අත්අඩංගුවට ගැණුනා. ඒ රජයේ නිලධාරීන්ට අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාවටයි. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර අනුගමනය කිරීමටයි පොලිසිය තීරණය කර ඇත්තේ.

මේ ඔවුන් එම අසත්‍ය ප්‍රකාශ සිදුකළ ආකාරයයි.

ඔබගේ අදහස අපට කියන්න

Close