යෝෂිත සහ ඩේසි ආච්චි අධිකරණ නියෝගය කඩ කරයි (Video)

යෝෂිත රාජපක්ෂ මහතාට අයත් දෙහිවල මිහිදු මාවතේ පිහිටි නිවස මැනුම් කටයුතු සිදු කිරිමට ගල්කිස්ස අධිරකණයෙන් දුන් නියෝගය අද ක්‍රියාත්මක කිරිමට නොහැකි තිබෙනවා.

ඒ යෝෂිත රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ කිසිවකු නොපැමිණිම හේතුවෙන්.

යෝෂිත රාජපක්ෂ මහතාට අයත් දෙහිවල ඉඩම සහිත නිවස අද දින මැනුම් කටයුතු කිරිමට ගල්කිස්ස අධිකරණය පසුගිය පහලොස් වැනිදා නියෝග කරණු ලැබුවා.

ඒ අනුව අද රජයේ මිනින්දෝරු අධිකාරි එන්. එම් හෙට්ටිආරච්චි මහත්මිය සහ රජයේ මිනින්දෝරු     ඒ. එම්.ඩබ්ලිව්.වයි.පී.කේ. මාරලන්ද මහත්මිය සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නියෝජනය කරමින් පොලිස් පරික්ෂක සි.ඒ.පී. වීරරත්න මහතා අද පෙරවරු 9.30 එම ස්ථානයට පැමිණ සිටියා. එහෙත් අධිකරණයේ නියෝග පරිදි මැනුම් කටයුතු සිදුකිරිමට යෝෂිත රාජපක්ෂ මහතා නියෝජනය කරමින් කිසිවකු  මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැහැ. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරියා විසින් යෝෂිත රාජපක්ෂ මහතාගේ නිතිඥයින් සම්බන්ධ කර ගත්ත ඔවුන්ගෙන්ද නිශ්චිත ප්‍රතිචාරයක් ‍නොලැබුණ බවයි වාර්තා වන්නේ.

 ඒ අනුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදි අධිකරණයට දැනුම්දිමට තිරණය කල බව වාර්තා වනවා.

ගල්කිස්සේ පිහිටි මෙම ඉඩම සහිත නිවස රුපියල් මිලියන 24 වටිනා අතර එය ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් විසින් තෑගි කරණු ලැබුවක් ලෙසයි ලියාපංදි කර ඇත්තේ.

 

ඔබගේ අදහස අපට කියන්න

Close