ලංකාවේ තත්ත්වය ඉතා යහපත් – බෑන් කී මූන් ලෝකයටම කියයි

ශ්‍රී ලංකාව පශ්චාත් යුද ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා වැදගත් පියවර රැසක් ලබාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 71 වැනි සැසිවාරය අමතමින් මහ ලේකම්වරයා මෙම අදහස් පල කරනු ලැබුවා.

මියන්මාරය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව හා සයිප්‍රසය යන රටවල අනාගතය වඩාත් ධනාත්මක බවයි මහලේකම්වරයා මෙහිදී කියා සිටියේ.

එසේම සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුවිය යුතු බවයි බෑන් කී මූන් මහතා සදහන් කළේ.

ඔබගේ අදහස අපට කියන්න

Close