ලංකාවේ ශාක වර්ග 1386 ක්‌ වඳවීමේ තර්ජනයක

ලංකාව තුළ දැනට හඳුනාගෙන ඇති ශාක වර්ග 3490 අතුරින් ශාක වර්ග 1386 ක්‌ වඳවීමේ තර්ජනයට ලක්‌ව ඇති අතර ඉන් ශාක වර්ග 177 ක්‌ ආක්‍රමණශීලී ශාක හේතුවෙන් ඉදිරි වසර 50 ඇතුළත මුළුමනින්ම වඳ වී යාමේ අවදානමක පවතින බව පරිසරවේදී පර්යේෂක ටිරාන් අබේවර්ධන මහතා පවසනවා.

ආක්‍රමණශීලී ශාක හා ජීව විශේෂයන් පිළිබඳව ආයතන ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා අනුරාධපුර නගරයේ පිහිටි සමුපකාර පුහුණු මධ්‍යස්‌ථානයේදී පැවති වැඩසටහනකදී හෙතෙම මේ බව ඔහු මේ බව සදහන් කළා.

මෙම ශාක වර්ග අතුරින් වැඩිම අවදානමක්‌ සහිත ශාක වර්ග 20 ක්‌ද, අවදානමක්‌ පවතින ශාක වර්ග 13 ක්‌ හා විභවයක්‌ සහිත ශාක විශේෂ 15 ක්‌ද, මේ අතර ඇති බව අබේවර්ධන මහතා සඳහන් කරයි. මෙහිදී විදේශීයව මෙරටට එක්‌ එක්‌ අවස්‌ථාවලදී ගෙන එන ලද ශාක විශේෂ රැසක්‌ අද වන විට දේශීය ශාකවලට තර්ජනයක්‌ වීම තුළ දේශීය ශාක වඳවීමට එය දැඩිව බලපා ඇති බවද ඒ මහතා සදහන් කළා.

මෙම තත්ත්වය හමුවේ ලංකාවේ පරිසර පද්ධතියට හා ජීවීන්ට දැඩි හානියක්‌ හා බලපෑමක්‌ එල්ල වී ඇති බවත් මෙම තත්ත්වයෙන් පරිසර පද්ධතිය වළක්‌වා ගැනීම සඳහා නව ජාතික වැඩසටහනක්‌ සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවද ටිරාන් අබේවර්ධන මහතා මෙම වැඩමුළුවේදී කියා සිටියා.

ඔබගේ අදහස අපට කියන්න

Close