අය වැයෙන් වාහන මිල ගණන් වලට වෙන දේ මෙන්න(Video)

ඉදිරි අය වැයෙන් වාහන මිල ගණන් සදහා කිසිදු වෙනස්කමක් සිදු නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මේ බව සදහන් කළේ කොලඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙරෙන්චිගේ මහතා කියා සිටියේ මේ වන විට ආනයනකරුවන්ට වාහන විකිණීමට සිදුව ඇත්තේ ආනයන මිලටත් වඩා පහළින් බවයි. එසේම මෙය ගැණුම්කරුවන් හට වාහනයක් මිල දී ගැනීමට හොඳම කාලය බවත් ඉදිරියේ දී තවත් ලක්ෂ දෙක තුනකින් වාහන මිල ඉහළ යාමට හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න