අපි ලෑස්තියි – කොදෙව්වන් කියයි

පාකිස්ථානයට එරෙහිව හෙට ඇරඹෙන 20 යි 20 තරගාවලිය ජය ගැනීම සදහා තමන් සූදානම් බව කොදෙව් පිල පවසනවා.
එරට 20 යි 20 ක්‍රිකට් නායක කාලෝස් බ්‍රේත්වෙයිට් මාධ්‍ය වෙත සදහන් කළේ කණ්ඩායමේ මතුවූ අර්බුධකාරී තත්ත්වයන් අමතක කර තරගාවලිය පිළිබද අවධානය යොමුකිරීමට ක්‍රීඩකයින් සූදනමින් පසුවන බවයි.
කොදෙව් පිලේ පුහුනුකරු ලෙස කටයුතු කළ පිල් සිමන්ස් පසුගලියදා එම තනතුරින් නෙරපීමට කොදෙව් ක්‍රිකට් ආයතනය කටයුතු කළා.
ඒ ඔහුගේ හැසිරීම හා ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලු හේතුවෙන්.
එසේම අන්ද්‍රෙ රසල්ට එරෙහිව තහනම් ෙඖෂධ සම්බන්ධ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බැවින් ඔහුටද ඩුබායිහී දී පැවැත්වෙන පාකිස්ථානයට එරෙහි තරගාවලිය අහිමිවුණා.
දෙරට අතර 20 යි 20 තරගාවලිය ආරම්භ කරමින් පලමු තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close