පකිස්ථාන අගමැතිගේ කතාව ඉන්දියාව හෙළාදකී

එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුලුව අමතමින් පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් සිදුකළ කතාව ඉන්දියාව විසින් දැඩිව හෙලා දැක තිඛෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය පවසන්නේ එය ත්‍රස්තවාදයට සහය පල කරමින් සිදුකළ කතාවක් බවයි.
පසුගියදා කාශ්මීරයේදී ඉන්දීය හමුදා සාමාජිකයින් 19 ක් ඝාතනයට සම්බන්ධ ත්්‍රසත සංවිදානයේ නායකයා ප්‍රශංසාවලට ලක් කිරීමටද පකිස්ථාන අගමැතිවරයා මෙහිදී කටයුතු කර තිබුණා.
එය ජගත් සංවිධානය හමුවේ පාකිස්ථානයේ ත්‍රස්තවාදී සත්‍යය අනාවරණ කිරීමක් බවයි ඉන්දියාව පවසන්නේ.
මෙම ප්‍රකාශය හෙලා දකින බවත් පාකිස්ථානය තමන්ට එරෙහිව සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ඉදිරි පියවර වෙත යොමුවන බවත් ඉන්දියාව දැඩිව අනාවරණ කර තිඛෙනවා.
කෙසේ වෙතත් පකිස්තාන අගමැතිවරයාගේ දේශනයේදී ඉන්දියාව සමග සාමයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද අවදාරණය කර තිබුණා.
එහෙත් එම ප්‍රකාශය ආයුධයක් අතේ තබා ගනිමින් සිදුකළ එකක් ලෙසයි ඉන්දියාව පෙන්වා දෙන්නේ

ඔබගේ අදහස අපට කියන්න

Close