පියා නිසා සෝනම්ට චිත්‍රපට රැසක් අහිමි වෙලා

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිණියක වන සෝනම් කපූර්ට ඉතා සාර්ථක තිර පිටපත් සහිත චිත්‍රපට රැසක්ම සිය පියා හේතුවෙන් අහිමිවී තිඛෙනවා. සෝනම් කපූර් ඉන්දීය මාධය වෙත අදහස් දක්වමිනුයි මේ බව සදහන් කර තිබුණේ. සෝනම් කපූර්ට සුපිරි බොලිවුඩ් නලු සල්මන් ඛාන් සමග රගපෑමට අවස්ථාව හිමිවූ සිනමා නිර්මාණයකටද ඇය දායක කර ගැනීමට සල්මන් ඛාන් අකමැත්ත පල කර තිබුණේ සෝනම් කපූර්ගේ පියා හේතුවෙනුයි. ඇයගේ පියා තමන්ගේ හොදම මිතුරකු බැවින් ඔහුගේ දියණිය සමග තමන්ට සිනමාවේ හෝ පෙම් කළ නොහැකි බවයි සල්මන් ඛාන් පවසා තිබුණේ.
මෙසේ තමන්ගේ දියණියට සිනමාවේ අවස්ථාවන් රැසක්ම අහිමි කළ පියා ගැන සෝනම් කපූර් මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණේ මහත් ආඩම්බරයෙන් වීමද විශේෂත්වයක්. ඒ පියා අන් අයකු නොව බොලිවුඩයේ විශිෂ්ටයකු ලෙස මහත් ගරු කිරීමකින් සැලකෙන අනිල් කපූර්.
ඔහුට ඇති ගරුත්වය හේතුවෙන් නලුවන් කිහිප දෙනකුම ඔහුගේ දියණිය හා පෙම් ජවනිකා රගපෑම මේ අයුරින්ම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close