යළි ත්‍රස්තවාදයට ඉඩ නෑ / ජනතාව බුද්ධිමත් / ජනපති ලෝකයට කියයි(Video)

ශ්‍රී ලංකාව තුල යළි කිසිදිනක ත්‍රස්තවාදය ඇතිවීමට ඉඩ නොතබමින් රට සංවර්ධන ඉලක්ක කරා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මන්ඩල සමුළුව අමතමින්. මේ එහිදී ජනපති පල කළ අදහස්.

මේ වන විට ශ්‍රී ලංකාව තුල පැහැදිලි සමාජ ආර්ථීක පෙරලියක් සිදුවෙමින් පවතිනවා. 2015 වසරේ මම බලයට පත්වන තුරු මගේ රට තුල ජනතාවට බියෙන් සැකෙන්

ජීවත්වීමට සිදුව තිබුණා. නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස් කරකිරීමට අපට හැකියාව ලැබී ඇති බව මම කියන්න කැමතිය . යම් ප්‍රශ්න මැද වුවත් ලෝකයේ සතුටින්ම ජිීවත්වන ජනතාවක් වෙසෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති මම මේ ජගත් මහා මණ්ඩලය හමුවේ

කියන්න කැමතියි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර ගැනීමට තරම් විශිෂ්ට බුද්ධියක් සහිත ජනතාවක් වෙසෙන රටක් විදියටත් ශ්‍රී ලංකාව හදුන්වා දෙන්නේ ආඩම්බරයකින්.
2017 වසර ශ්‍රී ලංකාවේ දුප්පත්කම දුරලීමේ වසරක් ලෙස මම නම් කර තිඛෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමටත් යහපාලනය ශක්තිමත් කිරීමටත් රජය කටයුතු කරනු ලබනවා. ඒ සදහා ජගත් සංවිධානය සහ ලෝකයේ අනෙක් සංවිධාන හා රටවලද සහය ශ්‍රී ලංකාවට ලබාදෙන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි .
ශ්‍රී ලංකාව ආර්ථීක සංවර්ධනයක් කරා දීර්ඝ ගමනක් ආරම්භ කර තිඛෙනවා. එම ඉලක්ක වෙත ගමන් කිරීමේදී පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන්ද රජය අවදානය යොමුකර තිඛෙනවා. ජගත් මහලේකම්වරයාගේ මූලිකත්වයෙන් සකස් කරන ලද පැරිස් සම්මුතියටද ශ්‍රී ලංකාව සහය ලබාදෙමින් පරිසරය ආරක්ෂා කිරීමට කැපවන්නේ ඒ නිසයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථීක ප්‍රතිපත්තිය දැනුම මත පදනම් කර ගනිමින් රටේ සංවර්ධනය සදහා තරුණ පරපුර හවුල් කරගන්නා අප සැලසුම් කර තිඛෙනවා.
ලංකාව ථෙරවාදී බෞද්ධ රටක් . ඒ නිසාම මෙරට අනෙක් ආගම් සමග සහජීවනයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලාංකික ජනතාව පෙළ ගැසී සිටිනවා. ඒ තුලින් යලිත් මෙරට තුල අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවීම වලක්වමින් ප්‍රතිසන්ධානය තහවුරු කිරීමටද අපි කටයුතු කරනවා. ලෝකයේ ප්‍රශ්න බොහොමයකට පිළිතුර බුදු දහම තුල තිඛෙනවා. දූපත් රාජ්‍යයක් වශයෙන් ධීවර කර්මාන්තය හා සමුද්‍ර සම්පත් සංවර්ධනයට ඉවහල් කර ගැනීමට ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාවක්. මෙම සියලුම කාර්්‍යයන් වෙත කැපවීම් තුලින් ගමන් කරන ශ්‍රී ලංකාවට ඒ සදහා ජාත්‍යන්තරයේ සහාය ලබා දෙන්න කියලා මම ඔඛෙන් ඉල්ලන්න කැමතියි.
ලෝකයේ මත්කුඩු ජාවාරම මැඩඩීමේ අවශ්‍යතාවයද දැන් අත්‍යාවශ්‍ය දෙයක්. ශ්‍රීලංකාව ඒ වෙනුවෙන් දැඩි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනවා. මම අපේක්ෂා කරනවා ජගත් සංවිධානයේ සියලුම රටවල් ඊට එක්වේවි කියලා.

ඔබගේ අදහස අපට කියන්න

Close