ජනපති සටනට නොඑන බව ගෝඨාභය කියයි

2020 ජනාධිපතිවරණය සදහා තමන් අපේක්ෂකයකු ලෙස කිසිසේත්ම ඉදිරිපත් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේ අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේ තමන් ඒකාබද්ධ විපක්ෂයේ ඔක්තෝම්බර් 8 රත්නපුර සමුලුවටද එක් නොවන බවයි.
තමන් දේශපාලනඥයකු නොවන බවත් දේශපාලනය නිසා තමන් හිරිහැරයකටද ලක්වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න